දීප ව්‍යාප්තව සිදු කරන “යුක්තිය” මෙහෙයුමට ඊයේට (06) දින 50ක් සම්පූර්ණ වන බවට මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
එම දින 50 තුල සැකකරුවන් 56541 පොලිස් භාරයට ගෙන තිබේ. ඉන් පුද්ගලයන් 6983 දෙනෙකු අපරාධකරුවන්ගෙ ලැයිස්තු ගත පුද්ගලයන් වෙයි. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 49558 දෙනෙකු ද එම කාලය තුළ අත්තඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයන් 1981 පුනරුත්ථාපනය සදහා යොමුකර තිබේ.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සහ විශේෂ කාර්යංශයේ ලේඛන ගත සැකකරුවන්ගෙන් 3083 දෙනෙකු එම මෙහෙයුම් වලදී අත්තඩංගුවට ගෙන ඇතිබත් සැකකරුවන් 1817 දෙනෙකු රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව එම අමාත්‍යංශය පවසයි.
සැකකරුවන් 234 සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. අත්තඩංගුවට ගෙන ඇති දේපළ වල වටිනාකම රුපියල් මිලියන 7733 ආසන්න අතර, තහනමට ගත් දේපළ වල වටිනාකම රුපියල් මිලියන 726 ආසන්න බව එම අමාත්‍යංශය සදහන් කරයි.
එම මෙහෙයුම් වලදී හෙරොයින් 142kg541g ,ගංජා 2678kg910g සහ අයිස් 208kg290g ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැසක් සොයා ගෙන ඇතිබවට මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.