මේ දිනවල යුක්තිය නමින් සැලසුම්සහගත නොවූ මෙහෙයුමක් ලංකාව තුල ක්‍රියාත්මක වෙමින් තිබේ . මෙහිදී අප දකින්නේ සැකකරුවන් යැයි ප්‍රකාශිත පුද්ගලයන් බව කියවෙන නිශ්චල සහ චංචල භාණ්ඩ රාජසන්තක කර තිබෙන බවට පොලිසිය විසින් කරන ප්රකාශයි.
ඒ අනුව දින කිහිපයක් තුල එසේ රාජසන්තක කල හැකි දැයි යන්න අවධානය යොමුකිරීමට සිදුවන්නේ සමාජය තුල එවැනි ප්‍රශ්න ගණනාවකින් පිරී තිබෙන බැවිනි.
පොලිසිය පවසන ආකාරයට එම භාණ්ඩ රාජසන්තක කර තිබෙන්නේ පොලිසිය විසිනි. එසේ රාජසන්තක කිරීමට කිසිදු බලයක් පොලිසියට නැති බව අපගේ නීතිවේදීන් ප්‍රකාශ කරයි. එවැනි නීතිමය ප්රතිපාදනයක් පොලිසියට නොමැති නම් ඔවුන් එසේ කල බවට කරන නිවේදන ද නීතිවිරෝදී වේ. ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට රාජසන්තක කිරීමට අධිකරණයක් අවශ්‍ය නැත.
කෙසේ නමුත් අධිකරණයට ඉදිරිපත්කරන සැකකරුවන්ට ඉදිරිපත්කරන චෝදනාවලට වරදකරු බවට පිළිගතහොත් පමණක් එම භාණ්ඩ රාජ සන්තකකරන ලෙස අධිකරණය නියෝග කරයි. එසේම එම සැකකරුවන් චෝදනාවලට නිවැරදිකරු බවට ප්‍රකාශ කළහොත් නඩුව අවසන් වී, නඩු තීන්දුව ලබා දෙන තෙක් භාණ්ඩ රාජසන්තක කිරීමට අධිකරණයටවත් බලයක් නැත. නීතිමය පසුබිම එසේ නම්, ඒවා රාජසන්තක කිරීමට පොලිසිය කටයුතු කලබවට කෙරෙන නිවේදන පැහැදිලි නැත.
එවන් පසුබිමක් තුල නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුමේදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු රොෂාන්, කවිදු මධුරංග සහ හෙට්ටිආරච්චිගේ ශ්‍රියායි යන අයගේ රුපියල් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් වත්කම් සහ ඉඩම් පොලිස් නීති විරෝධී වත්කම් හා දේපළ විමර්ශන අංශය විසින් රාජසන්තක කර තිබෙන බවද පොලීසිය නිවේදනය කර තිබේ.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කර තිබෙන්නේ, අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර රුපියල් මිලියන 33ක වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක්, රුපියල් මිලියන 13ක වටිනාකමකින් යුත් වෑන් රථයක් , රුපියල් මිලියන 14ක් සහ රුපියල් මිලියන 13ක් වන මෝටර් රථ දෙකක් සහ
රුපියල් මිලියන 01ක ත්‍රිරෝද රථයක් ද තිබෙන බවයි.
නීතිවිරෝධී ක්‍රියාවල නිරත වූ ජාවාරම්කරුවන්ට අයත් යැයි කියන, තලගල, මාලඹේ සහ ජාඇල ප්‍රදේශවල පිහිටි රුපියල් මිලියන 45ක ඉඩම් සහ දේපළ ද මෙහෙයුමේ කොටසක් ලෙස රාජසන්තක කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.