යුක්තිය නිසා, මරණ බයේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ OIC රට හැර යයි!

කොළඹ අපරාධ කොඨිඨාශයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ශ්‍රී ලංකාවෙන් පළා ගොස් තිබේ. ඒ යුක්තියේ මෙහෙයුමෙන් තමන්ට සිදුව තිබෙන මරණ තර්ජන නිසා බව සමාජ මාධ්‍ය තුල සටහන් කර තිබේ. එම සටහන පහතින් කියවන්න.

CCDයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති IP දුමින්ද ජයතිලක රට හැරයයි.

FB සමාජ මාද්‍යජාලයේ මෙතෙක් මා සමග සිටි සැමදෙනා වෙත ආදරයෙන් ලියමි.

අදටත් සිග්නල්වත් නැති ගමක ගොවියෙකුට දාව ඉපදුනු මා පැමිණි ගමන ගැන මා ආඩම්බර වෙමි.

පොඩිකාලේ ඉදලම පොලිස් නිළධාරීයෙක් වෙන්න හීන දැකපු මා කල නොහැක්කක් නොමැත කියන තේමාපාටඨය යටතේ වැඩ කරල 2023 අවුරුද්දේ ලංකා පොලීසියේම වැඩිම

මනුෂ්‍ය ඝාතනවලට අදාලව සැකකරුවන් ,

ගිණි අවි

අත් බෝම්බ අත්අඩංගුවටගත් නිළධාරියා සහ

වැඩිම DO ප්‍රමාණයක් ලබාගත් නිළධාරියා ලෙස කියා සිටින්නේ මහත් අභිමාණයෙකිනි.

වසර 13 ක සේවා කාලය තුල ජිවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදුන් පුද්ගලයින් ගණන 5 කි.මෑත කාලයේ රක්ෂිත බන්ධනාගාරගත කල ප්‍රමාණය අති විශාලය.එසේ බන්ධනාගාරගත කලේ වැරදිකරුවන් බවට සත්සුදත් සේ දැනගත් පසුවය.

මා රාජකාරි කල ආකාරය appreciate කල මහේස්ත්‍රාත්වරු ,පොලිසීයේ උසස් නිළධාරීන් ගණන ඉතා විශාලය.

කුඩු සැකකරුවන්ට හදුන්වාදෙමින් DO ලබාගත් සංස්කෘතිය වෙනස්කරමින් මා විසින් අධිකරණයෙන් ලාබාගත් DO ගනණ 100 අධිකය.

මා එය master උපාධියේ Thesis එක ලෙසට සිදුකර රටේ නීතියක් කීරීමට බලාපොරොත්තු උවත් එය අවසන් කිරීමට නොහැකි ඌයේ යුක්තිය බලාපොරොත්තුවන අහිංසක මිනිසුන්ගේ අවාසනාවටය.

යුක්තිය වැඩසටහන 2024 පටන්ගත්තට මම යුක්තිය වෙනුවෙන් වැඩ කලේ P/SI කාලේ ඉදලා.යුක්තිය කියන්නෙ මොකක්ද කියල කියාදුන්නේ මගේ ගුරුතුමා වන නෙවිල් සර්.

මම හැමදාමත් මා ගාව හිටපු අයට කිව්වේ අපාය දිව්‍ය ලෝකය තියෙන්නෙ මේ මහ පොලවේ කියල.

මට දැනෙනෙ විදියට මම හරි දේ කල නිසයි මට යුරෝපෙට එන්න ලැබුනේ..

ඒ නිසා ඔයාලත් හිතට එකගව කරන දෙයක් කරන්න එතකොට දිව්‍ය ලෝකය ඔයාලටත් හම්බවෙයි කියා උපදෙස් දුන්නේ.

මම එක දසමෙකින්වත් කාත් එක්කවත් තරහක් නෑ.

මගේ ලග ඉදන් මට බොරු දේවල් කියල නම කැතකරන්න හදපු හැමෝටම පිං.

එයාල නිසයි මගේ ගමන ඉක්මන් උනේ.

මගේ number එක සහ මගේ තොරතුරු අපරාධකරුවන්ට ලබා දී මාව ඝාතනය කිරීමේ සැලසුමට සහය දුන් අය මගේ ලගම හිටපු අය බව මා දනිමි.

එයාලත් එක්ක මගේ තරහක් නැති අතර ඔවුන් ඔවුන්ගේ රැකියාව සහ ආත්මය පාවාදුන් නිළධාරියෙක් බව පමණක් මතක තබා ගන්න.

සංචාරයකට එන්න හිටපු මම හැමදාටම යුරෝපයට නතර කිරීම ගැන ඔවුන්ට ස්තූතිවන්ත වෙමි.

මැරෙනවන්ම් හොදම කාලය නිරෝගිමත් රූපයක් තියෙන කාලයේ යැයි නිතර කියූ මම අවසානයේ කාගේවත් බිල්ලක් වන්නේ කුමටද සිතා මෙහි පැමිණියේ කුඩ්ඩන්ට බයේ නොවන බව අවධාරණය කරමි.

ඔය කියන එකෙක්වත් චණ්ඩි නොවන බවත් ,කුඩු මුදලාලිලා පමණක් බවත්,ඔවුන්ගේ උවමනාවන් ඉටුකරන්න ගිහින් අමාරුවේ වැටෙන සේවය හැරගිය හමුදා සෙබලුන් පිළිබඳ මා තුල ඇත්තේ මහත් සොම්නසකි.

මට වගේම අනිත් අයටත් මගේ බිරිදට දරුවට වගේම අනිත් අයගෙ බිරින්දෑවරුන්ට දරුවානට සමාන අයිතිවාසිකම් ලැබිය යුතුයැයි සිතූ මා හට අහිමි ඌයේ අනිත් හැමෝටම තියෙන නිදහසයි..

සිගරට් එකක් බොනවා දුටු පමණින් වැරදිරුවකු බවට පුර්ව නිගමනවලට එන attorney genaral department එකක් තියෙන රටක පොලිස් නිළධාරීන්ගේ මොන මානව අයිතිවාසිකම් ගැන කතා කිරිල්ලක්ද…

මත් පැන් පානය නතර කර තිබූ මා ඒ සිද්ධියෙන් පසු මා දුම් පානයද නතර කලෙමි.

ආධුනික කාලයේ සිටම CCD එකේ හැදුනු වැඩුනු මා CCD එක මගේ කියා මා රාජකාරි කලෙමි.

මම මහජන බදු මුදලින් වැටුප් ලබන මා මනාව අවබෝධ කරගත් නිළධාරියෙක් ලෙස මට්ටක්කුලියේ කෙනාටයි කුරුදුවත්‍තෙ කෙනාටයි සැලකූයේ එකම හැන්දෙනි.

මගෙන් අධිණයේදී සහ CCD එකේදී බැනුම් අහපු පෙරකදෝරුවන් අපමණය.

නිළධාරීන් කිහිප දෙනෙනෙකු මගෙන් ගුටි කා ඇතත් එසේ කලේ ඔවුන්ගේ අකාර්යක්ෂම තාවය පෙන්වාදීමට සහ ඔවුන් මගේ සහෝදරයන් කියා දැනුන නිසාවෙනි.

අඩුපාඩුක් දැක්කොත් එය මූනට කියා සිටියේ කේලමක්,පෙත්සමක් කිසිදා නොකියා, නොගසා සිටියේ මගේ පරම්පරාවෙන් එන ජාන නිසා යැයි මා සිතමි.

රටේ ජනාධිපති ගහල එලවපු වෙලාවක මම කොළඹ වතුවල හැම සෙල්ලමක්ම දැම්මෙ මම කරන්නේ රට වෙනුවෙන් කියන හැගීම මා තුල තිබූ දැඩි ආත්ම විශ්වාසය නිසාවෙනි.

මට යුරෝපයට එන්න පුළුවන් උනාට ඔබට ඔබේ දරුවාට යුරෝපයට එන්න පුළුවන් ද කියා මදක් සිතන්න.

මමත් ආසයි මගේ රටේ ආඩම්බරයෙන් ජීවත් වෙන්න.ඒත මහළු තක්කඩි ,අමන දේශපාලයින් ඒ තත්වය නැතිකර හමාරය.

කිසිම දේශපාලන සාමාජිකයකු අදටත් නොඅදුනන මා තුල ඇත්තේ මහත් සතුටකි.

තනිව රටක් ,ආයතනයක් නගා සිටුවීමට නොහැකි බව කවුරුත් දන්නා කරුණකි.තවත් දශක දෙකකට වැඩි සේවා කාලයක් ඇති මා,

රට හැදෙන තැනකට එනවානම් මා දිවි පරදුවට තබා කුමන හෝ වේශයකින් ලංකාවට පැමිණීමට පසුබට නොවෙමි.

සහකාර පොලිස් අධිකාරී තනතුරට සියළු අතින් සුදුසුකම් සපුරා ඇති මා හට එම කඩඉම් විභාගයට අවස්ථාව ලබා නොදීම ගැන මාහට ඇත්තේ කලකිරීමකි.

මම හොද රස්සාවක් දාලා පොලීසියට ආවේ.ඒ තැනට කරපු අවංක සේවයට කැපවීමට තමයි මට කඩුවෙල ඉඩම හම්බුනේ.

ඒ ඉඩමෙ ගෙයක් හැදුවෙ මහන්සියෙන් හම්බුකරපු සල්ලිවලින්.කාගෙන්වත් වැලි කැටයක්වත් නිකන් අරන් නෑ.ඒ ගේ විකුණලා තමයි මම යුරෝපයට ආවේ.

කාගෙන් හරි අසාධාරණය විදියට රුපියලක් හරි අරන් තියෙනවන්ම් හොයල බලල කියන්න.එයාට ඒ වගේ 100 ගුණයක් දෙන්න මම ලෑස්තියි.

මට හොද හිතින් සලකපු අය නැතුවාම නෙවේ.මාත් එක්ක ගියොත් මම කිසිම කෙනෙකුට වියදම් කරන්න දුන්නේ නෑ.අදටත මගේ office එකේ funiture ,AC වලට , වාහනවලට ලක්ෂ 20 වැඩිය වියදම් කරල තියෙනවා.ඒ බඩු පරිස්සමි පාවිච්චි කරන ලෙසට ඉල්ලා සිටිමි.

මම O/L කරල ගඩොල් පෝරනයක් කලා.ඒ දවස්වල ඉදන් සල්ලි හම්බකරන විදිය දන්නවා.පස්සේ වාහන 60 විතර business කලා.

මගේ service එකටම පවතින දඩුවමක් ලැබුනේ එක නිළධාරියෙකුට විතරයි.ඒ එයා වරදක් කල නිසා.ඒත් ඒක මට හරි වේදනාවක් නිසා ඔහුට රැකියාව ලබාගැනීමට කටයුතු කලෙමි.

ඔබ සැමට තෙරුවන් සරණයි

2011 බැජ් එකේ සියළු සහෝදරයින්ට,CCD,Police Transport එකේ නිළධාරීන්ට නෑදෑයින්ට,ගමේ,පාසල් දෙකේ,විශ්ව විද්‍යලයේ මිතුරන්ට විශේෂ ස්තූතිය පුද කරමි.

දුමින්ද ජයතිලක

පොලිස් පරීකෂක

ස්ථානාධිපති

සංවිධානාත්මක අපරාධ අංශය

කොළඹ අපරාධ කොට්ඨාසය

https://web.facebook.com/story.php?story_fbid=pfbid02oteJRBy1wmm5HJtEc5SyLYZU5mGvSNifw3mNJ3YNPWKQj61Mo4qgH3e2Y9QzWMAFl&id=100063754805163&sfnsn=wa&mibextid=RUbZ1f&paipv=0&eav=AfZsCaqd_uLX4ukRVQ0H7s5y9eWWaqDUf5_3y-1BqmnPrJ8g2suTSDNAbdSmc8OKBhc&_rdc=1&_rdr

Exit mobile version