යුක්රේනය වෙනුවෙන් ජර්මන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් රැස්වෙයි.

ලොවම අවධානය යොමු කරගෙන සිටින රුසියන් යුක්රේන යුද්ධය හමුවේ ලෝක බලවතුන් රුසියාව තනිකරමින් සිටින අතර යුක්රේන ජනාධිපතිද ගිනි අවි සහිතව තම රට වෙනුවෙන් යුද බිමට පැමිණ සිටි. ඒ අතරම යුක්රේන ජනාධිපති මනාව ජාත්‍යන්තරය සමග සමීප වෙමින් යුද්දයේ වාසිය තමා වෙතට ගැනීම සදහා විශිෂ්ඨ ජාත්‍යන්තර කළමනාකරණයක නිරතවෙමින් සිටි.

එසේම එරට වැසියන් තම රට වෙනුවෙන් අවි අතට ගෙන ඇති අතර ජාත්‍යන්තරයේ සිටින යුක්රේන ජාතකයන් තම මව් රටේ සිටින සරණාගතයන් බාර ගැනීම සදහා සැලසුම් සකස් කරමින් සිටිති.

ඒ අතරම යුක්රේනය වෙනුවෙන් ජර්මන් පාර්ලිමේන්තුවේ ඊයේ විශේෂ සැසිවාරයක් රැස්වුණා. කොවිඩ් නීති වලට අනුව මහජන ගැලරියත් සියළුම මන්ත්‍රීවරුන්ගෙන් පිරී ගොස් තිබුණු බව අපගේ ජාත්‍යන්තර විශේෂ නියෝජිතවරියක් පවසයි. එහිදී යුක්රේන යුද්ධය ගැන ජර්මානු රජයේ ස්ථාවරය ප්‍රකාශ වී තිබේ. ඔවුන් යුක්‍රේනය වෙනුවෙන් සිට ගන්නා බව එහිදී  ප්‍රකාශ වී තිබේ. එසේ ප්‍රකාශ කිරීමට පෙර විශේෂිත පුද්ගලයන් දෙදෙනෙක් ජර්මන් පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ යුක්රේන තනාධිපති වරයා හා ජර්මනියේ හිටපු ජනාධිපති ජොහහිම් ගවුක් යන මහතුන්ය. කථානායක වරිය පළමුව ජනාධිපතිවරයා හඳුන්වා දී දෙවෙනිව  තනාපතිතුමා ද හදුන්වා දී තිබේ. තමන් ඔහුගේ රටේ ජනතාවගේ එකමුතු කම නිර්භීත බව හා මේ දුෂ්කර මොහොතේ දක්වන ඉවසීම අගය කරන බව කථානායකවරිය  ප්‍රකාශ කර තිබේ. යුක්රේන තානාධිපතිවරයා තම අසුණින් නැගිට දෑත් එකතු කර ආචාර කරමින් විනාඩි තුනක අත්පොලසන් නාදයක් තම මව්බිමේ මිලියන 40 ක් වන ජනතාව වෙනුවෙන් ජරමානු පාර්ලිමේන්තුවේදී ලබා ගෙන තිබේ. විශේෂ ලියුම්කාරියට අනුව ඇන්ජෙලා මෙර්කල් ට හැර එවන් අත්පොලසන් නාදයක් මෑත කාලයේ ජර්මනියෙන් නිකුත්ව තිබෙන්නේ ප්‍රථම වරටයි. මේ සිද්ධිය රටක තානාපති සේවයේ කාර්ය භාරය පැහැදිලි කරන්නක් වන බවද තනාපති කෙනෙක් යනු ඒ රටේ නියෝජිතයා යන්න පැහැදිලි කරන්නක් ද වන බවද ඇය සදහන් කර තිබේ. එම අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා තානාධිපතිවරයා වැළඳගෙන තම හෘදයංගම බව පළකර තිබේ. මේ දේශපාලනය ශ්‍රී ලංකාවේ අපට පුරුදු නැති නමුත් රටක් ශිෂ්ඨ වන විට දේශපාලනය ද  ශිෂ්ඨ වන බවද අප සමග හිතවත් මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ කටයුතු ගණනාවක් සිදු කරන ජාත්‍යන්තර විශේෂ නියෝජිතවරිය තම ලිපියේ සදහන් කර තිබේ.

ජාත්‍යන්තර විශේෂ නියෝජිතවරියට අපගේ ස්තුතිය පළකරන්නෙමු

Exit mobile version