යුක්‍රේන චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය රුසියාව අතට! (වීඩියෝ)

මේ වන විට යුක්‍රේනයට උතුරින්, දකුණින් සහ නැගෙනහිරින් ප්‍රහාර එල්ලකරන රුසියානු පාබල හමුදා කාණ්ඩ කිහිපයක්ම Kyiv  අගනුවර ආසන්නයට පැමිණ ඇති බව වාර්තා වේ.

රුසියානු ගුවන් සහ නාවික ප්‍රහාර හමුවේ යුක්‍රේන හමුදා අඩපණ වී ඇති බව වැඩිදුරටත් වාර්තා වී ඇත.

එමෙන්ම යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය ද රුසියානු හමුදා අතට පත්ව ඇති බව යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කර ඇත.

එම බලාගාරය හේතුවෙන් 1986 දී සිදුවූ ව්‍යවසනය මානව ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික විනාශය බවට අදටත් සැලකෙන අතර යුක්‍රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කර ඇත්තේ රුසියාව තවදුරටත් ආක්‍රමණයේ නිරත වුවහොත් එවැනි ව්‍යවසනයක් යළි සිදුවිය හැකි බවයි.

එමෙන්ම යුක්‍රේන ජනපති වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රුසියානු හමුදාවේ පළමු ඉලක්කය වී ඇත්තේ තමන් බවත්, දෙවන ඉලක්කය තම පවුලේ සාමාජිකයින් බවත් මෙනිසා තමන් සහ සිය පවුල Kyiv අගනුවර රැඳී සිටින බවත් ය.

Exit mobile version