යුක්‍රේන යුධ ශක්තිය තව දුරටත් වර්ධනයට සහය.

ලොව රටවල් කිහිපයක් යුක්‍රේන යුද ශක්තිය තව දුරටත් තර කිරීමට ඉදිරිපත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කරයි.

මේ අනුව නෝර්වේ සහ බ්‍රිතාන්‍ය කුඩා ඩ්‍රෝන යානා සැපයීම සඳහා ඉදිරිපත්ව ඇත.

මෙතුළින් රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්‍රේන හමුදාවට සිය ශක්තිය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් නෝර්වේ ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

එම ඩ්‍රෝන යානය “Teledyne Flir Hornet” ලෙස නම් කර ඇති අතර එමගින් ඉලක්ක හඳුනාගැනීමට සහ ඔත්තු බැලීමට හැකියාව ඇති බව වාර්තා වේ.

එම එක් ඩ්‍රෝනා යානාවක වෙළඳපොළ වටිනාකම ඩොලර් මිලියන 9.26කි.

Exit mobile version