විදේශ කටයුතු අමාත්‍යංශය විසින් යුක්රේනයේ මෑතකාලීනව සිදුවූ ප්රදණ්ඩ ක්‍රියා ඉහළයාම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්වී සිටින බවට නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ,
“කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් යුතුව ක්‍රියා කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී” වශයෙනි.
ශ්‍රී ලංකාව එහි දී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් සහ අවංක සංවාදය තුළින් මෙම අර්බුදය විසඳාගැනීම පිණිස අදාළ සියලු පාර්ශවවල සාමූහික උත්සාහයක අවශ්‍යතාව පිළිබඳවයි.