යුක්රේනයට එල්ල වන රුසියානු මිසයිල ප්‍රහාර හමුවේ එරට විදුලි අවශ්‍යතාවයෙන් 50%ක ප්‍රමාණයක්වත් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කරයි.
මෙම තත්වය කීව් අගනුවර ඇතුළු කලාප 15කට දැඩි වශයෙන් බලපා ඇති බවත් මෙම ප්‍රහාර හමුවේ යුක්රේන ජල සැපයුම බිඳ වැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මේ දිනවල යුක්රේනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 02ක් පමණ වන අතර විදුලි සැපයුම විසන්ධි වීමත් සමග ජනතාව අධික ශීතල දරාගත නොහැකි තත්ත්වයකට මුහුණ දී ඇති බව ද සදහන් වේ.
මෙම තත්වය හමුවේ සීතල දරාගත නොහැකිව ජනතාව මියයාමේ අවදානමක්ද පවතින බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.