සංචාරක අමාත්‍යංශය ප්‍රකාශ කළේ යුක්රේන සංචාරකයින් 4,000ක් පමණ මේ වන විට මෙරට රැඳී සිටින බවයි.
එම සාංචාරකයින් දින 30ක පමණ කාලයක් සඳහා මෙරටට පැමිණ සිටින බවත් ඔවුන්ගේ වීසා කාලය දින 30කින් අවසන් වන බවත් එම අමාත්‍යංශය පෙන්වා දී ඇත.
කෙසේ නමුත් මේ වන විට යුක්රේනයේ පවත්නා යුද ගැටුම් හේතුවෙන් එම සාංචාරකයින්ට මෙරට තුළ තවදුරටත් රැඳී සිටීමට කැමැත්ත දක්වන සංචාරකයින් සඳහා වීසා කාලය දීර්ඝ කිරීමට කටයුතු සලසාදෙන ලෙස අදාළ සංචාරක නියෝජිතයින් වෙත උපදෙස් ලබා දී ඇති බව ද සංචාරක අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
එමෙන්ම අදාළ වීසා කාලය අවසන්වීමෙන් පසු සිය රට බලා යාමට අවශ්‍ය සංචාරකයින්ට සෘජුව යුක්රේනයට ගුවන් ගමන් සිදුනොවන බැවින් වෙනත් රටවල් හරහා යළි සිය රටට යෑමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස ද එම නියෝජිත ආයතන වෙත උපදෙස් ලබා දී ඇති බව ද සංචාරක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර ලදී.