යුක්රේන හමුදා කඳවුරකට රුසියානු මිසයිල ප්‍රහාර.

බටහිර දිග යුක්රේනයේ ලිවීව් නගරයට ඔබ්බෙන් වූ හමුදා පුහුණු කඳවුරකට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පෝලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි මෙම පුහුණු කඳවුරට මිසයිල අටක් පතිත වූ බවයි නගර පරිපාලනය සඳහන් කළේ.

මෙහිදී සිදු වූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නැහැ. රුසියානු ආක්‍රමණයත් සමඟ ලිවීව් නගරවාසීන් බහුතරයක් නිවෙස් හැර දමා පලාගොස් තිබෙනවා.

මේ අතර බටහිර දිග යුක්රේනයේ ඉවානෝ – ෆ්‍රැන්කිව්ස්ක් නුවර ගුවන් තොටුපලට ද රුසියානු මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වුණා.

Exit mobile version