යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ඇමෙරිකාවට පැවරීම සඳහා ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙසට ඉල්ලමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම එළඹෙන 16 වනදාට කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග ලබා දී ඇත.
ඒ අද (29) අදාළ පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.
එහි දී විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම සලකා බැලීම එළඹෙන 16 සහ 17 වන දිනයන්හි සිදුකරන බවයි.
එමෙන් ම ඊට විරෝධතා ඇත්නම් ඒවා ලබන මස 06 වනදාටට ප්රළම ගොනු කරන ලෙස ද අධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත.