යුගදනවි ගිවිසුමට නීතිපතිවරයාගේ ද අනුමැතිය හිමිව ඇත

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු සඳහන් කරන්නේ යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම අත්සන් කරනු ලැබුවේ එහි මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව බවයි.

අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇත.

එමෙන්ම අදාළ ගිවිසුම ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කටයුතු සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Exit mobile version