යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමක් වෙත පැවරීම සම්බන්ධ ගිවිසුම පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සභාගත කෙරුණි.
ඉන් අනතුරුව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් විසින් එහි පිටපත් තමන්ගෙන් ඉල්ලා සිටි බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ.
කෙසේ නමුත් අදාළ ගිවිසුම අනුමත් කිරීම සඳහා එය අධ්‍යනය කිරීම අත්‍යවශ්‍ය නොවන බවය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.