ලංකාවේ හමුදාධිපතිවරයෙක් වීමට, එම හමුදාවේ සිටින ඊලග පුද්ගලයාට සිදුව තිබෙන්නේ දේශපාලන වන්දනාවක යෙදීමටයි. එපමණක් නොව එකිනෙකා පසුපස ගොස් දිය යටින් ගින්දර ගෙන යාමටද ඔවුන්ට සිදුව තිබේ. ඒ ඔවුන්ගෙන් බහුතරයක් නායකයන් ද ජේෂ්ඨ තත්වයන්ට පත්ව සිටින්නේ, එම ආයතනවල සිටි කණිෂ්ඨයන් ලෙස ජේෂ්ඨයන් කපා දමා ඉදිරියට පැමිණි උදවිය නිසාය. ත්‍රිවිධ හමුදාවන් එවැනි දුෂිත, නුගත් පාලනයකට නතු කරනු ලැබුවේද, මහින්ද රාජපක්ෂ යුගයේ සිටය. සමහර හමුදා නායකයන්ගෙන් බහුතරයක් කොතරම් නුගත් ද යන්නේ නම්, යම් හමුදා නිලධාරියෙක් විසින් සිදුකරනු ලැබූ වරඳක් ලියු විට , ඔවුන් දකින්නේ එය හමුදාවට සිදුකරනු ලබන නින්දාවක් ලෙසය. ඒ ඔවුන්ගේ අමනෝඥ , නුගත් කමයි. වරද ඔවුන්ගේ නොව, ඔවුන්ට නිසි පුහුණුවක් ලබා නොදීමයි.
එවන් පසුබිමක් නිර්මාණය වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේ වන විට නිශ්චිත ලෙසම යුද්ධ හමුදාධිපති බවට පත්ව සිටිය යුතු, බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට උසස්වීම් ලබා නොදීමේ සිද්ධියට එරෙහිව පවරා තිබු රීට් පෙත්සම තීන්දු කරමින් ගරු අභියාචනාධිකරණය ඔහුට හිමි සියල්ලම ලබා දෙන ලෙස නියෝග කර තිබුණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිගේ නිවට නියාලු කමට පින්සිදු වන්නට තමන්ගේ හමුදාවේම, යටත් සේවකයා වෙනුවෙන් ලබා දුන් නියෝගය ක්‍රියාත්මක නොකර, කාලය ඉකුත්වීමට තිබු අවසන් දින කිහිපයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලදී. එය කර වුයේ කවුරුන්ද යන්න අවශ්‍ය සියලුම තොරතුරු අප සතුව තිබේ. එසේම චන්දන රණවීරගේ විශ්‍රාමය දිනය ආසන්න වන තෙක්ම නඩුව ඇදගෙන යාමටද ඔවුන් අමතක නොකළේය. ඔවුන් තම බලය, අභිමතය මෙන්ම රාජකාරියද තුලනාත්මකව ගලපනවා වෙනුවට ඒවා තමන්ගේ වාසියට ගලපා ගත්තේය.
කෙසේ නමුත් යුද්ධ හමුදාපති ඇතුළු දුෂ්‍ය කණ්ඩායමේ, අනාගතය නොදුටු ක්‍රියාවලියට පාඩමක් කියා දීමට හැකි සුවිශේෂී නඩුවක් ලෙස, යුද්ධ හමුදාධිපති ඇතුළු නින්දිත කණ්ඩායමේ අභියාචනය අද පළමු දිනය ලෙස විභාගයට ගෙන ඇත. අපගේ අධිකරණ වාර්තාකරු සඳහන් කරන ආකාරයට එහි විශේෂත්වය වන්නේ පැය දෙකක් පමණ දෙපාර්ශ්වයටම සවන් දුන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවවිභාගයට නොගෙනම ඉවත්කර තිබේ. යුද්ධ හමුදා නීතිය තමයි ඉහලින්ම තිබෙන්නේ යයි ප්‍රකාශ කරන සහ, සිතාගෙන සිටින නුගත් හමුදා නිලධාරීන්ට එය මනා පාඩමකි. එබැවින් හමුදා නායකයන් පමණක් නොව, සාමාන්‍ය භටයන් පවා ඉගෙන ගත යුත්තේ, ඔබ නොදත් නීතිය ඉගෙන ගත යුතු බවයි. එය ඉගෙන ගත්තේ නම් සියල්ලෝම සතුටින් සිටින්නෝය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාලනය මේ වන ක්‍රියාත්මක වන්නේ ගජබා රෙජිමේන්තුව මුලික කරගෙනය. ශවේන්ද්‍ර සිල්වාගේ සිටම පහලට තවත් අවුරුදූ ගණනාවක් ඉදිරියට ගජබා පාලනයකට යුද්ධ හමුදාව යටත්කිරීමට අවශ්‍ය ලෙස පරිසරය නිර්මාණය කර තිබේ. ඒ වෙනත් ඒකකවල සිටි ජේෂ්ඨ හමුදා නිලධාරීන්ට කෘෘර සහ අවමන් සහගත සැලකිලිවලට යටත් කරමින්, උසස්වීම් ලබා නොදෙමින් යුද්ධ හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරමිනි. මේ වන විට හමුදාවේ සක්‍රීය සේවයේ නිලධාරීන්ගේ උසස්වීම් නිකුත්කර තිබේ. එයද නීතියට පටහැනිව, සකසා තිබේ. විවිධ හමුදා නිලධාරින් ඉදිරියට එම වැළැක්වීම සඳහා විවිධ පරීක්ෂණ යොදා තිබේ. එම පරීක්ෂණ යොදා තිබෙන්නේ ජේෂ්ඨයන් කපා දමා සුපුරුදු ලෙසම කණිෂ්ඨයන් ජේෂ්ඨයන් බවට පත් කිරීමටය. දීර්ඝ කාලයක තිස්සේ එසේ කිරීමේ ප්‍රතිපලයක් ලෙස “ගජබා රෙජිමේන්තුව යුද්ධ හමුදාව තුල වන්නම් නටන්නේය”. ඒවා උනේ කෙසේද යන්න වෙනමම විමර්ශනය කිරීම ජනාධිපතිවරයා විසින් කල යුත්තේය. එසේ කිරීමට නම් කවුරුන් හෝ ඒවා ඔහුට කිව යුතුය. මෙසේ අසාධාරණයට ලක්ව සිටින සියලුම දෙනා කෙසේ හෝ කල යුත්තේ කුමක්ද යන්න අප මීට පෙරද පෙන්වා දි තිබේ. මෙම ගැටලුව විසඳීමට මැදිහත්ව ක්‍රියා කිරීම ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පවා වගකීමක් වන්නේ, මෙරට ඉහලින්ම සිටින හමුදා නායකයා වන්නේ ඔහු බැවිනි. එපමණක්ද නොව විශ්‍රාම ගොස් තවමත් නිල ඇදුම් ඇදිය හැකි තිදෙනාම එකතුව මේවා විසඳිය යුත්තේය.
කෙසේ වෙතත් වර්තමාන හමුදා නායකයන්ගේ අදුර දර්ශි ක්‍රියාකාරකම් නිසා ගජබා නමැති හමුදා රෙජිමේන්තුව මෙරටින් තුරන් කිරීමට ඉදිරි දේශපාලන නායකයන්ට සිදුවන බවත්, ඉදිරියේ බිහිවන ජනාධිපතිවරුන්ට සිදුවන බවත් , අවුරුදු කිහිපයක් තිස්සේ කෘෘර සහ අවමන් සහගත සැලකිලිවලට ලක්ව සිට හමුදාවන් වලින් ඉවත් ගිය සියලුම හමුදා සාමාජිකයන් වෙනුවෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභා, පාර්ලිමේන්තු තේරීම් කමිටු ආදිය පිහිටුවීමට සිදුවන බව අනිවාර්ය වේ. ඒ එම සියලුම කටයුතු මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක බැවිනි. ඒවා එසේ වන්නේ කෙසේද යන්න සිතීමට නම් එසේ කරන්න වූ පුද්ගලයන්ට දැනුමක් තිබිය යුතුය. කීර්තිමත් හමුදා නායකයන් ව සිට රටට දැඩි කීර්තියක් ගෙන දුන් ගජබා රෙජිමේන්තුවේ සිටි විජය විමලරත්නලා අද ජීවත්ව සිටියේ නම් ඔවුන් මිය යන්නේ හුස්ම හිරවීමෙනි.
(සිදුවීමට මුල් වූ සම්පුර්න ලිපිය පහතින් කියවන්න. මෙම අමුල පුවතට යටින් තව දුරටත් ලිපියේ කොටස් පළකර තිබේ)
වර්තමාන යුද්ධ හමුදාධිපති තරම් අපකීර්තිමත් හමුදාධිපතිවරු රටට බිහි වී නැත. ඔහුට චෝදනා රාශියක් තිබේ. ඒ එවන් පුද්ගලයෙක් හමුදාධිපති කර වූ නායකයන්ගේ වරදක් මිස එය ඔහුගේ වරද නොවේ. කෙසේ වුවත් මේ හමුදා නායකයාන් වනසන්නේ රටේ මහජන ආරක්ෂාවයි. එබැවින් ස්ථීර වශයෙන්ම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වස්, ඉදිරි ජනාධිපතිවරුන්ට විවිධ පරීක්ෂණ සභා පැවැත්වීමත්, ගජබා රෙජිමේන්තුව යුද්ධ හමුදාවෙන් ඉවත් කිරීමටත් සිදුවන්නේ සාර්ථක හමුදාවක් නිර්මාණය කිරීම වෙනුවෙනි. රාජ්‍ය පරිපාලන නීතිය නොදත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොදත් හමුදා නිලධාරීන් බිහි වීමත්, වර්තමාන හමුදා නායකයන්ගේ වරදක් නොව , අතීත හමුදා නායකයන්ගේ වරදකි. එවන් පසුබිමක් තුල ත්‍රස්ත විමර්ශන ආදී නව පනත් බිහිකර ඔවුන්ට බලය ලබා දීම යනු ශ්‍රී ලංකා “ලේ වැගිරූ බිමක්” ලෙස පත් වීමයි. අසාධාරණ සහ වර්තමානයට නොගැලපෙන ලෙස මහජනතාව හිර කර තැබීමට අවශ්‍ය පනත් නිර්මාණය කර සිදුකරන්නේද ම්ලේච්ච යුගයක ආරම්භයකි.
එසේම වර්තමාන යුද්ධ හමුදාධිපතිවරයාගේ වංචා, දුෂණ විශාල ප්‍රමාණයක් මේ වන විටත් අපට ලැබී තිබේ. එසේම විවිධ හමුදා නායකයන් ගණනාවකගේ දුෂිත ක්‍රියාකාරකම් රාශියක් අප සතුව තිබේ. ඒවා එකින් එක ඉදිරියේදී පලකරනු ඇත. මේවා අප පලකලත් රාජ්‍යයේ ආරක්ෂාව තර වන්නේ නැත. වර්තමාන ජනාධිපතිවරයා, ජනාධිපති ලේඛම්වරයා මෙන්ම ජනාධිපතිවරයාගේ සහෝදරයා වන්න වික්‍රමසිංහ මහත්වරුන් පවා රටේ අනාගතය ගැන මීට වඩා සිතිය යුතුය. ඒ ඉදිරි අනාගතය අප මෙතෙක් දුටු රාජ්‍යයට වඩා වෙනස් වී, විවිධ චෝදනා එල්ලවීමට ඉඩකඩ තිබෙන බැවිනි. එබැවින් සියලුම බලධාරීන් එක්ව වෙනස් කල යුත්තේ දකින දකින වැරදි එකිනෙක ගෙන එකින් එකය.
එබැවින් ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න, ඇතුළු ත්‍රිවිධ හමුදා නායකයන්, පොලිස් නිලධාරින් මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරින්ද නීතියට පටහැනිව කටයුතු කිරීමෙන් දැන්වත් වැළකුණේ නැති නම්, අරාජික නොවූ රාජ්‍යයක් බිහි වූ දිනයක ස්ථීර වශයෙන්ම සිපිරිගෙදර කම්බි කූරු ගණන් කිරීමට සිදුවන්නේ, කුමක් කලත් සොබා දහමෙන් ගැලවීමට ඉඩක් ලබා නොදෙන පාඩම ඉදිරියේදී ඔබට කියා දෙමිනි. එය දැනෙන විට, ඔබ කල කිසිවක්ව ආපස්සට හැරවිය නොහැකි ලෙස ඔබ අසරණව සිටීම ස්ථීරය. කෙසේ වුවත්, “යහපත් රාජ්‍යයක දොරගුළු ඇරේවා” යැයි නිරන්තරයෙන්ම ප්‍රර්ථනා කරන අප, මේ සියුලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ එම රාජ්‍ය බිහිකිරීමට වෙහෙස වන ලෙසයි. ඉදිරි රජයන් යටතේ ඔබ කිසිවෙක් සිපිරි ගෙදරට යනවා දැකීම, අපගේ දැක්ම නොවේ. එබැවින් අප සියල්ලෝම එක්ව නව රාජ්‍ය බිහිකළ යුතුය.ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රූකඩයක් සේ නැටවීමට ඉඩ නොඳිය යුතුය. එසේ නොවීමට නම් සත්‍ය කතා වස්තුන් ඔහුට පෙන්වා දීම ඔහුගේ සමීපතමයන්ගේ වගකීම වේ.
(නීතිය මුල සිට ඉගෙන ගන්න, පහත යු ටියුබ් නාලිකාවට එන්න. සිදුවීමට අදාළ පැරණි පුවත් පහතින් කියවන්න. අවශ්‍ය ලිපි මතට තට්ටු කිරීමෙන් එම පුවත කියවිය හැකිය.)