ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සමහර නිලධාරින් මෙන්ම භටයන්ද විවිධ පාතාල සබඳකම්වල නිරතවන බව මේ වන විටත් අනාවරණය වී තිබේ. එවැනි කරුණු අනාවරණය වන්නේ යම් සිද්ධියක් වූ පසුවය. එය කනගාටුවට කරුණක් මෙන්ම ඉන් පෙන්නුම්වන්නේ බුද්ධි අංශවල අක්‍රීය බව හෝ බුද්ධි වාර්තාවලට අනුව අවශ්‍ය කටයුතු සිදුනොවන බවයි.
රට හදන්න නම් මුදල් වියදමකින් තොරව කල යුතු දේවල් විශාල ප්‍රමාණයක් තිබේ. ඉන් පළමුව කල යුත්තේ මිනිසුන්ගේ මානසික පිඩනයට අවශ්‍ය පිළිතුරු ලබා දීමයි. නමුත් එවැනි දේවල් වෙනුවට සිදුවන්නේ දිනෙන් දින මිනිසුන්ගේ මානසික පීඩනය වැඩිවන ක්‍රියාකාරකම්ය. අප නිරන්තරයෙන්ම පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට රට හදන්න අවශ්‍යතාවයක් තිබෙන බව පෙනුණත්, ආණ්ඩුවේ බොහෝ දෙනෙක්ට එවැනි අවශ්‍යතාවයක් නැති බවයි. එසේ නොමැතිනම් ඒවා කල යුතු බව ඔවුන් ඉගෙන ගෙන නැත. ජනාධිපතිවරයට තනියෙන් අත්පුඩි ගැසීමට හැකි නම් මන්ත්‍රීවරු 225 ක් රටට අවශ්‍ය නැත. හමුදාධිපතිවරු , පොලිස්පතිවරු මෙන්ම වෙනත් රාජ්‍ය නිලධාරින් අවශ්‍ය නැත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගිනි අවි 150 කට ආසන්න ප්‍රමාණයක් පාතාලයට දුන් බව ද නොරහසකි. එයට යුද්ධ හමුදාව පමණක් නොව පොලිසියද සම්බන්ධ බවද එකල වාර්තා වල සටහන් වේ. ඒ අතර ඒ කිසිවක් නොදන්නා ගැටයකට හිර වූ මාධ්‍යවේදින් ඇතුළු කණ්ඩායමක්ද සිටිති. ඔවුන් එම සිදුවීමට සම්බන්ධ නැතිබව පසුව අනාවරණය වී තිබුණි. එසේම එම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තවමත් යෙහෙන් වැඡෙඹන්නේ පොලිස් දෙපර්තමේන්තුවේමය. එවන් පසුබිමක් තුල ශ්‍රී ලංකාව ම්ලේච්ඡ රටක් බවට පත්වෙමින් තිබෙන්නේ, වර්තමානයේ වැරදි නිසා නොව, අතීතයේ පුද්ගලයන්ගේ වැරදි නිසාය.
එවන් පසුබිමක් තුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් අපට තවත් විශේෂ තොරතුරක් ලැබුණි. එය සිදුව තිබෙන්නේ 2023 නොවැම්බර් මාසයේදීය. ඒ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පනාගොඩ ප්‍රධාන හමුදා නිලධාරියෙකු විසින් යුධ හමුදාවට අයත් ගිනි අවි පාතාල අපරාධකරුවන්ට කෙටිකාලීනව කුලියට දීමකි. ඔහුගේ නම අපට ලැබී තිබේ. කෙසේ නමුත් මෙම සිදුවීම පිළිබඳව විමර්ශනයක් සිදුකර තිබේද යන්න අපට වාර්තා නොවේ.
1. පාතාල ක්‍රියාකාරකම් සඳහා ගිනි අවි ලබාදීම.
දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල නාදුනන තුවක්කුකරුවන් විසින් සිදු කරනු ලබන පුද්ගල ඝාතන පැහැරගෙන යෑම මංකොල්ලකෑම් වැනි අපරාධ වල සංඛ්‍යාව මේ වන විටත් ඉහල යාමක් පවතින අතර බොහෝ අවස්ථාවන්හිදී එම නාඳුනන තුවක්කුකරුවන් භාවිතා කර තිබුනේටී 56 ගිනි අවිය.
ඒ අනුව කටයුතු සොයාගෙන යාමේදී යුද්ධ හමුදා මේජර්වරයෙක් තම අණසක යටතේ ඇති අනුඛණ්ඩ කඳවුරු වල ආයුධාගාර තුළින් ඉතා සූක්ෂම ලෙස ටී 56 ගිනි අවි පාතාල ක්‍රියාකාරකම් සඳහා පාතාල සාමාජිකයන් වෙත කුලී පදනමට අවස්ථා කිහිපයකදීම ලබා දි තිබේ. නොවැම්බර් මාසයේදී ලැබුණු ආසන්නතම උදාහරණය ලෙස අල්ල, කන්තලේ යුද හමුදා කදවුරෙන් 2023 නොවැම්බර් මස 2 වැනි දින සූරියවැව කණ්නාඩි කුමාර නැමැත්තෙකුට සහ සාලිය නමැති පුදගලයෙකුට මෙසේ ටී 56 ගිනි අවි ලබා දී තිබේ.
2023 නොවැම්බර් මස 2 වන දින එම අණදෙන නිලධාරියා විසින් අල්ල කන්තලේ නිලධාරී අණදෙන වශයෙන් කටයුතු කරනු නිලධාරියෙක්ට වාචිකව උපදෙස් ලබාදෙමින් ටී 56 ගිනි අවියක් එදින සවස 6:30 වනවිට සූරියවැව කණ්නාඩි කුමාරට හා සාලියට ලබා දෙන ලෙස නියෝග කර ඇති අතර එම අවස්ථාවේ කඳවුරේ නොසිටි අදාළ නිලධාරියා ලිඛිත ලිපියක් නොමැතිව අවියක් ලබාදීමට නොහැකි බව දැනුම් දී තිබේ. අණදෙන නිලධාරිවරයාගේ දැඩි බලපෑම හමුවේ කර කියාගත නොහැකිව අසරණ වූ එම නිලධාරියා එදින කඳවුර තුළ සිටි තවත් නිලධාරියෙක්ට කතා කර කිසිවෙකුට නොහැගෙන ලෙස ටී 56 ගිනි අවියක් කඳවුරෙන් පිට කරන ලෙසට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව ක්‍රියාත්මකවූ එම නිලධාරියා විසින් ආයුධාගාරය භාරව සිටි භටයෙක්ට නීතිවිරෝදි අණක් නිකුත් කරමින් එම කඳවුරේහිම සේවයේ නියුතු තවත් සෙබලෙකු ටී 56 ගිනි අවියක් නිකුත් කරන ලෙසට දැනුම්දුන් දී තිබේ.
එදිනම රාත්‍රී 7 ට කඳවුරෙහි කුඹුරට වන අලි පැමිණ ඇති බව කියමින් අලි එළවීමට යැයි පවසමින් ඉහත සෙබලා හට නිකුත් කර තිබූ අදාළ ගිනි අවිය බලහත්කාරයෙන් ලබාගෙන රාත්‍රී 7:30 වනවිට කාන්ති වැව අසලට පැමිණි කණ්නාඩි කුමාරට හා සාලියට ලබා දී තිබේ.
කුමක් හෝ සාපරාධී ක්‍රියාවකට යොදා ගත් පසු මෙම ගිනි අවිය නැවත කඳවුර තුළට ලැබී ඇත්තේ 2023 නොවැම්බර් මස 4 වන දින රාත්‍රියේදීය. මේ අයුරින්ම අවස්ථාවන් රැසකදී කුලී පදනමට ගිනි අවි කඳවුරෙන් පිටකිරීමට මෙම අණදෙන නිලධාරිවරයා කටයුතු කර තිබෙන අතර ඉහත සාක්ෂි මත පරීක්ෂණයක් සිදුකළ හොත් වැළලීගිය අපරාධ රැසක සුලමුල සොයාගත හැක.
2. පාතාල ක්‍රියාකාරකම් සහ සාපරාධී ක්‍රියා සඳහා යුද හමුදා වාහන සිවිල් අංක තහඩු යොදා භාවිතා කිරීම.
2023 මැයි මස 29 වන දින මේජර් යු හ 0117 දරන සුදු පැහැති වෑන් රථය WP CDM 0161 ලෙස අංක තහඩු වෙනස් කර අල්ල කන්තලේ යුධ හමුදා කඳවුරේ සිට කොළඹ දක්වා ධාවනය කර සිවිල් අංක තහඩු සහිතව කොළඹ ප්‍රදේශයේ දින 10ක කාලයක් ස්ථානගත කර සිදුකරනු ලැබූ රහස් මෙහෙයුම් අපරාධ හෝ වෙනත් අකටයුතුකම් සිදු වී ඇති බවට විශ්වාස කෙරේ.
එසේම යු හ 11587 අංක තහඩු සහිත යතුරුපැදිය අදාළ නිලධාරියාගේම උපදෙස් ප්‍රකාරව 2023 ජූනි මස 24 වැනි දින ව්‍යාජ අංක තහඩු සවිකර දියතලාව හමුදා කඳවුරෙන් පිටත්කර ජුනි මස 25 වන දින කන්තලේ හමුදා කදවුර වෙත පැමිණ ඇති අතර මේ පිළිබඳ අනාවරණය වීමත් සමග ජුනි මස 29 දින රාත්‍රියේ ව්‍යාජ අංක තහඩු සවිකර යතුරුපැදිය යළිත් දියතලාව යුධ හමුදා ගොවිපලට යවා තිබුණි.
සැක උපදවන මෙම යුධ හමුදා වාහන අවභාවිතාවන් මගින් අපරාධයන් දැනටමත් සිදුවී ඇති නම් නීතිය ඉදිරියේ එවන් අපරාධ ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂිද මෙම අණදෙන නිලධාරිවරයා විසින් ඉතිරි නොකරම මෙම වාහන කඳවුරෙන් පිටතට යාම පිළිබඳව කිසිදු සටහනක් හමුදා පිළිවෙතට අනුව සිදු නොකිරීම ප්‍රශ්න සහගතය.
යුද්ධ හමුදාව හා සම්බන්ධව අප මින් පෙර වාර්තාකරණ ලද බොහෝ පුවත් වෙනුවෙන් ක්‍රියාත්මකව තිබෙන බවටද අපට පෙරලා තොරතුරු ලැබී තිබේ. ශ්‍රී ලංකා පොලීසිය, හමුදාවන් යනු රටේ මහජන ආරක්ෂාවේ මුදුන් මල් කඩවල් වේ. එම ආයතනවල සේවකයන් දුක් වීඳින්නේ කෙසේද යන්න අප මුතුවෙන් ලිවිය යුතු නැත. රටේ දුක් විඳින නමුත් වැටුප් අඩු ඔවුන් සියල්ලෝම සුරකෂා කල යුතුය. එසේම එම ආයතන විනාශ කරන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුය. එවිට එම ආයතනත්, ඒවායේ සැබෑ සේවකයන්ටත් යුක්තිය ඉටු වේ. එසේම රටටද යුක්තිය ඉටු වේ.
(නිසි පරීක්ෂණයක් සිදුවන්නේ නම් අප සතු සියලු තොරතරු ලබා දිය හැකිය. එය පරීක්ෂණවලට පහසුවක් වනු ඇත. නිසි පරීක්ෂනයක් සිදුකරන බවට සනාත කර ඉල්ලීමක් කරන්න. ලිපිය යොමුකරන්න. ravanalankanews3@gmail.com )