යුද සමයේ අතුරුදහන් වූවන් සොයා විමර්ශන.

Missing red rubber stamp vector isolated

රජය විසින් යුද සමයේ අතුරුදන් වූවන් සොයා බැලීමට පිහිටුවන ලද නිලධාරීන් කිලිනොච්චියේ වැසියන්ගෙන් තොරතුරු විමසීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

ඊයේ (04) දිනයේ සිට ආරම්භ කර ඇති මෙම විමර්ශන කටයුතු වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත.

කිලිනොච්චි වැසියන් බොහෝ පිරිසක් සිය ඥාතීන් යුද සමයේ දී අතුරුදන් බව පවසමින් ඔවුන් පිළිබඳ තොරතුරු එම කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම සඳහා පැමිණ ඇත.

එහිදී විශාල පිරිසක් මේ සඳහා පැමිණීම හේතුවෙන් එම කාර්යාල නිලධාරීන් විසින් අංකයක් සහ කාර්යාලය වෙත යළි පැමැණීමට දිනයක් ලබාදී ඇති බව සඳහන් වන අතර ආරම්භක දිනයේ දී පමණක් පුද්ගලයින් 60 දෙනෙකුගේ තොරතුරු සටහන් කර ගැනීමසිදුකර තිබේ.

Exit mobile version