යුද හමුදා ප්‍රොරෝමාර්ෂල්ගේ වාහන අවභාවිතාවක්.

සමස්ථ යුධ හමුදාවේම විනය සබැඳිව ක්‍රියාකරන බලකාය වන යුද හමුදා පොලිස් හේවා බලකායේ බලකාදිපති  ධූරයද හොබවමින් යුධ හමුදාව විනය ආරක්ෂාධිපති ලෙසද කටයුතු කරනු ලබන  මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා රාජ්‍ය වාහන නොහොත් මහජන වාහන  පහක්  අව භාවිතා කරන අයුරු  එක්සත් රණවිරු සංවිධානයේ කැඳවුම්කරු අසේල ධර්මසිරි ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ධාරාවන්ට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පසුගියදා අනාවරණය කරන ලදී.

එසේ අනාවරණය කලත් තවමත් එම අවභාවිතය ඒ ආකාරයෙන්ම සිදුකරන බව යුධ හමුදා ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අතර එක වෙනසක් සිදුකරමින් යු.හ. 1746  මොන්ටේරෝ වර්ගයේ ජීප් රථය ඉවත්කර ඒවෙනුවට  කයිරෝන් වර්ගයේ ජීප් රථයක් නැවතත් ලබා ගෙන තිබේ.

ඒ අනුව මේ මොහොත වන විට ඔහු සතුව පහත වාහන අවභාවිතා කරමින් නීති විරෝදී ලෙස භාවිතා කරන බවට තොරතුරු ලැබී තිබේ.

  1. යු හ 51371 කළු පැහැති කයිරෝන් වර්ගයේ ජීප් රථයක්
  2. යු හ 50018 සුදු පැහැති කයිරෝන් වර්ගයේ ජීප් රථයක්
  3. යු හ 16281 ටොයොටා කාර් රථයක්
  4. යුද හමුදා 16154 සුසුකි කාර් රථයක්
  5. යු හ 51278  ටොයොටා K D H  වෑන් රථයක්

අභිමංසලට නොමැති ඉන්ධන සොයිසාට කොහෙන්ද

අතපය හතර  රට වෙනුවෙන් දන් දී ඇඳවල් මත වැතිර සිටින වීරෝධාර සෙබළුන් ඔවුන්ගේ  මව්පිය දුවා දරුවන් භාර්යාවන් බැලීම සඳහා නිවෙස් වලට මසකට සැරයක් පමණක්  ගමන් කිරීමට ලබාදෙන  ගිලන්රථ සඳහා අවශ්‍ය  ඉන්ධන කප්පාදුකර එවැනි විරුවන් නේවාසිකව ප්‍රතිකාර ගන්නා අභිමංසලකට පෙර ලබාදුන් ඉන්ධන ලීටර්  3000,  ලීටර් 500 ට අඩු කර තිබෙන බවද වාර්තා වේ.

එවන් පසුබිමක එම රටේම, එම යුද  හමුදාවේම මේජර් ජෙනරාල් සොයිසා හට වාහන 5 ක් අවභාවිතා කරමින් වාහන තුනකට ඉන්ධන ලීටර් 1600 ක් ඉක්මවූ ප්‍රමාණයක්ද අනෙකුත් වාහන දෙකට  අසීමාන්තික ඉන්ධන  ප්‍රමාණයක් ලබාදීම කෙතරම් දුෂනයක්ද යන්න යුධ හමුදාවේම ජේෂ්ඨ නිලධාරීන් ප්‍රශ්නකරයි.

එම ගැටලුව ඔවුන්ට පමණක් නොවේ. අපටද තිබේ. රටේ මිනිසුන් අමාරුවෙන් ජීවත් වෙමින් සිටියදී, ජනපති ඇතුළු රටට හිතැති මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු හෝ එකතුව රට නව මාවතකට ගෙනයාමට කටයුතු කරද්දී, යුධ හමුදාවේ මෙන්ම අනෙකුත් හමුදාවන් වල නායකයන්ද කල යුත්තේ යහ මාර්ගයේ යාමයි. එපමණක් නොව මේ ආකාරයෙන් කටයුතු කරන්නා වූ නිලධාරීන්ට රට ගැන කැක්කුමක් නොමැතිනම් කල යුත්තේ ඔවුන් යුධ හමුදාවෙන් ඉවත් කර රට ගැන හිතනා තරුණ හමුදා නායකයන් තෝරා ඔවුන්ට රටේ ආරක්ෂාව බාර දීමය.

(මේ පුවතේ යම් වරදක් තිබේ නම් එය නිවැරදි කිරීමේ සම්පුර්ණ වගකීම යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකට තිබේ. කෙසේ නමුත් පිළිතුරු එවීමේදී සත්‍යම පමණක් එවන ලෙස කාරුණිකව සදහන් කරනුයේ මේවා සදහා පිළිගත හැකි සාක්ෂි අප සතුව පවතින බැවිනි)

අපගේ මුහුණු පොතටත් එකතු වෙන්න

https://web.facebook.com/sriravanalankatv?cft[0]=AZX3M5bbyg89YimqDN2w5NGBdtLvK_YwY7aNZ2ACu9a2LZlOQdwPL8-L5oFsPlF6X4WqEYC8wjafoTVNXoN2_WabbO7koLdcNnIbqPdzypXyf2G0blBiNqRCxHXm_iE5bPRXYywA1BcIRCrMa4J5EY4egXzgfsnqTGppRat0dYrTWQ&tn=-]K-R

Exit mobile version