අද (20) දින උදෑසන නුවර පාරේ රදාවඩුන්න ප්රදේශයේදී යුද හමුදාවට අයත් ජීප් රථයක් හා ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තාවේ.
එම අනතුරින් යුද හමුදා රථයේ ගමන් ගත් නිලධාරීන් පස් දෙනකු තුවාල ලබා ඇති බවත් එම නිලධාරීන් ප්රතිකාර සදහා වතුපිටිවල රෝහලට ඇතුලත් කොට ඇති බව පොලිසිය සදහන් කරයි.
අනතුර සම්බන්ධව නිට්ටබුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.