යුධ හමුදාධිපතිට අරගලකරුවන්ගේ “ ලේ ඕනෑ වෙලා” තිබිලා. අරගලයට වෙඩි නොතිබ්බාට හමුදා නිලධාරීන්ගේ තරු පටි ගලවයි.

ශ්‍රී  ලංකාව තුල පැවතුනේ  රජයේ යහපත් පරිපාලනය නිසා දුක් විදි ජනතාව විසින් රජයට විරුද්ධව පැවති අරගලයකි. රජය පත් කරන්නේ ජනතාව නම්, එයින් පීඩා විදින්නේද ජනතාව ජනතා පරමාධිපත්‍ය සුරැකීම වෙනුවෙන් සාමකාමිව අරගල කිරීමට ජනතාවට අයිතිය තිබේ. එසේම ජනතාව නොමග යැවූ මාධ්‍ය ආයතනවලට විරුද්ධව වුවද නැගී සිටීමට ජනතාවට සිදුවන්නේ එම නිසාය. රාජ්‍ය මාධ්‍ය ආයතනද ජනතාවගේ ආයතන වේ. නමුත් රාජ්‍ය හෝ වේවා, පෞද්ගලික හෝ වේවා සත්‍යට එරෙහිව කටයුතු කරන්නේ නම් එහිදී ජනතා නැගී සිටීම්වලට මුහුණ දෙමට සිදු වේ. නමුත් තම රැකියාව නිසි ලෙස සිදුකලේ නම් කුමන හේතුවකටවත් ජනතාව එරෙහිව නැගී සිටින්නේ නැත.

විවිධ කල්ලි සහ කණ්ඩායම් නිසා ශ්‍රී ලංකා හමුදාවන්ට ජාත්‍යන්තර වශයෙන් ඇත්තේ අපකීර්තියකි. හමුදාවේ ලොක්කන්ට ඒවා ගැන කිසිම තැකීමක් නැති බැව් ඔවුන්ගේ ක්‍රියාවලින්ම පෙනේ. එසේම එය එක්ෂත් ජාතීන්ගේ සංවිධානය මගින්ද නිවේදය කරන ලදී. ඒ  2021 දීය. ඒ පිලිබදව ලිය වුණු විදේශ වාර්තාවක කොටසක් පහත දැක්වේ. එහිදී ජනරාල් සවේන්ද්‍ර සිල්වාට සහ ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්නට චෝදනා කර තිබේ.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලට් විසින් නම් කර ඇති යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන අය ශ්‍රී ලංකාවේ සිය ‘රණවිරුවන්ට’ වග නොකියන බව පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු යැයි කියනු ලැබේ. “

“ආරක්‍ෂක අංශයේ කිසිදු පරීක්‍ෂණයක් හෝ විස්තීර්ණ ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමෙන් අදහස් වන්නේ රාජ්‍ය යාන්ත්‍රණය සහ එහි සමහර සාමාජිකයින් විශ්වාසනීය ලෙස චෝදනා කරන ලද බරපතල අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ වී ඇති බවයි.”

“ශ්‍රී ලංකා සාම සාධක භටයන් යෙදවීමට දිගටම ඉඩ දෙන්නේ නම් එය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ විශ්වසනීයත්වයට අභියෝග කරයි. වගවීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව මහජන සහ ආරක්‍ෂක නිලධාරීන් පරීක්‍ෂා කර පරීක්‍ෂා කළ යුතු බවට නිර්දේශ කළ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව යටතේ ශ්‍රී ලංකාව සිය කැපවීම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇත. ශ්‍රී ලංකාවේ සාමසාධක භටයන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේශීය ආයතනයට ( යුද්ධ හමුදාව) දැන් විශ්වසනීයත්වය සහ ස්වාධීනත්වය නොමැති බව බැචෙල් සිය වාර්තාවේ සඳහන් කළේය”.

“යුධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ විදේශයන්හි ලිංගික සූරාකෑම සහ අපයෝජනයන් යන දෙකම සිදු කර ඇති බවට – දඩුවම් විරහිතව – විශ්වාසදායක චෝදනා රාශියක් ඇති විට, පරීක්‍ෂා කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා ඵලදායී ක්‍රමයක් නොමැතිව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා හමුදාවෙන් සාම සාධක භටයන් දිගටම යෙදවිය නොහැක.” ලෙස එම වාර්තා වේ සදහන්වේ”.

මෙවන් වාතාවරණයක් යටතේ පැවති අරගලය කල ජනතාවට වෙඩි තැබුවේ නැති බවට චෝදනා කර යුධ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලය අසල අරගල කරුවන් සහ ආරක්ෂක අංශ  අතර උණුසුම් තත්වයක් හටගත් ‌මොහොතේ, එම ස්ථානයට පැමිණ පිරිස විසුරුවා හළ ‍යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රි⁣ගේඩියර් අනිල්⁣ සෝමවීර මහතාගේද, ජාතික රුපවාහිනියේ අරගලකරුවන් ජාතිය ඇමතිමට එහි සභාපති විසින්  අරගලකරුවන්ට දුන් අවසරයට  එහි ආරක්ෂාව භාරව සිටි පලමුවැනි කමාන්ඩෝ අනදෙන නිලදාරියාත්  පාර්ලිමේන්තුව ලග අරගලකරුවන් සමග ඇතිවු  ගැටුමේදිත් වෙඩ්තැබිමේ නියෝග ක්‍රියාත්මක කරන්නට නොහැකිවු සිංහ රෙජිමේන්තු අනදෙන නිලදාරියාත් තනතුරින් ගලවා එසේ චෝදනා ලබා තිබෙන බවට වාර්තා වේ.

එක්ෂත් ජාතීන්ගේ සංවිධානය පවා ශ්‍රී ලංකාවේ හමුදාවන්ගේ තත්වය පැහැදිලි කර තිබේ. අපට යුධ හමුදාධිපතිට ලියන්නට තිබෙන්නේ පවතින්නේ ත්‍රස්තවාදීන් සමග යුද්ධයක් නොවේ. ඔබට වැටුප් ගෙවන ජනතාවගේ කුසගින්න නිවා ගැනීමේ සටනකි. විශේෂ කාර්ය බලකාය රට ගිනි තිබ්බේද මාධ්‍ය වේදීන්ට පහර දීමෙනි. ඔබ පළදින නිල ඇදුමද ජනතාවගේ බදු මුදලින් ඔබට නොමිලේ ලැබෙන දෙයකි. එදින හමුදා නිලධාරීන් ගිනි තැබුවේ නම් සිදුවන්නේ යුධ හමුදා සෙබළුන් සිය ගණනක් මිය යන එකය. එසේම නිරායුධ සිවිල් ජනතාවද මිය යන්නේය. එසේ වුයේ නම් යුධ හමුදා නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත පවා අහිමි වන තත්වයට සියල්ලම සැකසී තිබුණි.

ආරක්ෂක ලේඛ්ම්ට, යුධ හමුදාධිපතිට මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි යුධ හමුදාවේ පනික්කි රාළලාට ජුලි 9 වැනිදා “අරගලකරුවන්ගේ ලේ ” අවශ්‍ය වූ බව 8 වැනිදා උදෑසන තිබු රැස්වීමේදී ප්‍රකාශ කර තිබුණි. අප ඒ බව එදිනම සන්ද්‍යාවේ වාර්තා කළේය. එබැවින් අවස්ථාවට අනුව සාමකාමීව කටයුතු කල එම යුධ හමුදා නිලධාරීන් නොසිටියේ නම් මේ වන විට එක්ෂත් ජාතීන්ගේ සාමකාමී හමුදා මෙරට ආක්‍රමණය කර ත්‍රිවිධ හමුදාධිපතිවරුද ජනතා ඇත අඩංගුවට පත්ව සිටිනු ඇත. එබැවින් එම බුද්ධිමත් නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම අපද තරයේ හෙලා දකින අතර “ලේ “ නොවේ “ මනුසත්කම” ඉහලින් තිබිය යුතු බව දැන්වත් වටහාගන්නේ නම් මැනවි.   

ශ්‍රී ලංකාවේ හමුදාවන්වල තත්වය පහත විදේශ වාර්තාවලින් බලන්න.

https://www-hrw-org.translate.goog/news/2019/09/26/un-takes-strong-stand-sri-lankas-army-chief?_x_tr_sl=en&_x_tr_tl=si&_x_tr_hl=si&_x_tr_pto=sc
https://www-tamilguardian-com.translate.goog/content/sri-lanka-deploy-peacekeeping-forces-despite-human-rights-concerns?_x_tr_sl=en&_x_tr_tl=si&_x_tr_hl=si&_x_tr_pto=sc
Exit mobile version