යුධ හමුදාපතිට, අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු? පෙන්ෂන් ගිහින් හිරේත් යාවිද?

වර්තමාන යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පැවැරිමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව නීතිඥ සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

එයට ආසන්නතම හේතුව ලෙස සදහන් වන්නේ පසුගියදා අභියාචනාධිකරණය මගින් නඩු තීන්දුවක් ලබා දෙමින්, බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට නිසි ලෙස උසස්වීම් ලබා නොදීමත්, ඔහුට හිමිවිය යුතු නිසි ස්තානය වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර ලබා නොදීමත් යන හේතුව මතය.

අපගේ නීතිමය විග්‍රහය සහ සමාජමය විග්‍රහය

බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට යුද්ධ හමුදා ප්‍රධානීන් අහිමිකර තිබූ උසස්වීම් හිමිවිය යුතු දිනය ලෙස සදහන් වන 2021 ජනවාරි පළමුවනදා සිට මේජර් ජනරාල් තනතුරට උසස් කරන ලෙසත්, ඒ සදහා නිර්දේශ කරන ලෙසත් අභීයාචනාධිකරණ විසින් යුද්ධ හමුදාපති විකුම් ලියනගේ මහතා වෙත නියෝග කර තිබේ. එය ක්‍රියාත්මක කිරීමට ඔහු මේ වන තෙක්ම කටයුතු කර නොමැති අතර, ඒ වෙනුවට ජේෂ්ඨත්වයෙන්  පහල නිළධාරියෙකු යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරියා ලෙස පත්කරන ලදී. ජනාධිපතිවරයා විසින් පත්වීම් ලබා දීම සිදුකර තිබුණත්, යුද්ධ හමුදා පනතට අනුව නිසි පුද්ගලයා වන්නේ ජේෂ්ඨතම පුද්ගලයා වන අතර එය නිර්දේශ කල යුත්තේ යුද්ධ හමුදාපතිවරයා විසිනි. නව මාණ්ඩලික ප්‍රධානියා පත්වන්නේ අධිකරණ නියෝගයෙන් පසුවය. ඒ අනුව බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට උසස්වීම් ලබා නොදීම ගරු අභියාචනාධිකරණයට එරෙහිව සිදුකර තිබෙන අපහාසයකි. ⁣අතීත නඩු තීන්දු සහ ඒවායේ විග්‍රහයන් වලට අනුව එය අපහාසයක් බව පැහැදිලි වුවත් නිශ්චිතවම එය තීරණය කරන්නේද අධිකරණය විසිනි.

එසේම බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට එරෙහිව සිදුකරන මෙම නීතිවිරොදී ක්‍රියාවලට එරෙහිව වර්තමාන යුද්ධ හමුදාපති විකුම් ලියනගේ මහතාගෙන් වන්දි ඉල්ලා ඔහුට සෘජුවම නඩු පැවරිය හැකිය. එහිදී ඔහු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටී. පෞද්ගලික නඩු වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව ආයතන සංග්‍රහය පෙන්වා දී තිබේ.

වර්තමාන යුද හමුදාපතිවරයා ජනවාරියේදී විශ්‍රාම ගියවිට නියම යුද හමුදාපති විය යුත්තේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා වූවත්, අභීයාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකිරීමෙන්, ඔහුට අහිමිවීමට නියමිත යුද්ධ හමුදාපති තනතුර සහ ඉන් එහාට ඔහුට සිදුවන අලාභය විකුම් ලියනගේ මහතාගෙන් පුද්ගලිකව ලබා ගැනීම වෙනුවෙන් එම වන්දි නඩුව පැවරිය හැකිය. එහිදී චන්දන රණවීර මහතාගේ ආයුකාලය අවුරුදු 80 ක් ලෙස ගණනය කලහොත්, යුද හමුදාපති තනතුර අහිමිවීමෙන් සිදුවන සියලුම වරප්‍රසාදවලට , වැටුප් ආදිය සියලුම වෙනුවෙන් ගෙවීමට යුද හමුදාපති විකුම් ලියනගේ මහතාට සිදු වේ. නඩු තීන්දුව ලැබෙන විට ඔහු විශ්‍රාම සුවයෙන් සිටිනු ඇති අතර, චන්දන රණවීර මහතාට මිලියන ගනණාවක වන්දියක් ගෙවීමට ස්ථිරවම ඔහුට සිදුවනු ඇත. එය ඉතාම පැහැදිලිව නීතියේ සදහන් වේ. කෙසේ නමුත් එයද එසේ වන්නේ අධිකරණයට ඉදිරිපත්වන සාක්ෂි මතය. මෙම සිදු වීමෙිදී සාක්ෂි තිබෙන බව අපට දක්නට තිබේ.

එසේම මේ වනවිට තමන්ට නියමිත තනතුරු අහිමිකර තිබෙන සියලුම හමුදා නිලධාරීන් කල යුත්තේද, රීට් නඩු හෝ මූලික අයිතිවාසිකම් නඩු පවරන අතරතුරම ඒවාට එරෙහිව අලාභ නඩු පැවරීමත්, අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමත් ය. අපරාධ නඩු මෙන්ම සිවිල් අලාභ නඩුවලදී වගකිව යුතු පුද්ගලයාගේ නමට නඩු පැවරිය යුතුය. එවිට ඔහුටද සෘජුවම පෙනී සිටීමට සිදුවන තමන්ට පුද්ගලිකව නීති සහාය ලබා ගැනීමට සිදු වේ. නීතියේ සදහන් නොවන දේවල් යම් බලධාරියෙක් සිදුකරන්නේ නම් , ඒවාට අ⁣යත් වගන්තීන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුල පෙන්වා දී තිබේ.

යුද්ධ හමුදාවේ මේ වන විට තිබෙන එම නීතිවිරෝධී ක්‍රියා නැවැත්වීමට නම්, අසාධාරණයන්ට ලක්ව සිටින සියලුම දෙනා තමන්ගේ යුකතිය ඉල්ලා කල යුතුමය. එය තමන්ට නීතියෙන් ලබා දී තිබෙන අයිතිවාසිකමකි.

නීතියට අනුව සෑම පුද්ගලයෙකටම හිමි තැන ලැබෙන විට කිසිම දිනක ආරවුල් ඇති නොවේ. අප සියලුම දෙනා කල යුත්තේද, එයයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාව වැනි විශේෂ ආයතනත් මේ ආකාරයෙන් නීතිවිරෝදී ලෙස ක්‍රියාත්මක වීම ගැන ලැජ්ජා විය යුත්තේ හමුදා නිළධාරීන් නොවේ. මෙරට චන්ද දායකයන් ය.

නීතිය ඉගෙන ගන්න පහල යූ ටියුබ් නාලිකා සමග  එක්වන්න.

සමාජ මාධ්‍යජාලා 50 කට අධිකව ක්‍රියාත්මක අපගේ මාධ්‍ය ජාලයේ පහත නාලිකාවලින් ඔබට රාජකාරියේදි සිදුවන සියලුම ගැටලුවලට පිළිතුරු සොයාගත හැකිය .

නීතිවේදියා

https://youtube.com/@user-kb1xs4mp4n?si=xCc1qhqopUnmHBFe

YOUTH PILOT

https://youtube.com/@YOUTHPILOT?si=PV4WiOuGJJLzrvFl

Sri Ravana Lanka TV.

https://youtube.com/@Challenge423?si=Ag1Nev-3kcJVEXCP

ෆේස් බුක්

https://www.facebook.com/sriravanalankatv?mibextid=ZbWKwL

පෙර පුවත..

Exit mobile version