යුධ හමුදාව නූලෙන් බේරුණු, පිටපත වැරදුනු පොලිසිය රඹුක්කනදී නිර්වස්ත්‍ර වූ හැටි.

ඕනෑම දේශයක් යහපත්ව පවත්වාගෙන යාමට නම් පැරණි විද්‍යාත්මක ක්‍රමයට අනුව නම් සමාජ, ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය යහපත්ව තිබිය යුතුය. මීට වසර කිහිපයකට පෙර එලි දැක්වූ නවතම ක්‍රමයට අනුව ඉහත සදහන් කරුණු වලට අමතරව ආගමික පසුබිමද හොද විය යුතුය. දැන් ශ්‍රී ලංකාව යනු මේ කොටස හතරම බිදී විසිරි සුන්ව ගිය දේශයකි.

ආගමික පසුබිමට පයින් ගැසීම නිසා සමාජය බිද වැටී අතර සමාජය යහපත් කල යුතු දේශපාලන සහ ආර්ථික පසුබිමද විනාශව ගියේය. උදාහරණයක් ලෙස ආගමික පසුබිම මනාව ගලපා තිබුනේ නම් හොර, බොරු මෙන්ම වංචා සහා දූෂණද සමාජයෙන් තුරන වනු ඇත. එවිට අප බලාපොරොත්තු වන සියල්ලම සැකසෙනු ඇත්තේ සමාජ යහපත  උදෙසාම පමණි.

මීට මාස කිහිපයකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ජනතාව උද්ඝෝෂණ වලට පෙලඹුනේ නැත. මීට පෙර අප දුටුවේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන රාජ්‍ය සේවකයන්ගේ උද්ඝෝෂණ පමණි. නමුත් මීට මාස කිහිපයකට පමණ පෙර සිට ගොවි ජනතාවගෙන් ආරම්භ වූ උද්ඝෝෂණ මේ වන විට සාමාන්‍ය ජනතාව එකතුව සිදු කරනු ලබන්නේ , ජනපතිත් , 225 ත් මෙන්ම දූෂිත රාජ්‍ය සේවකයනුත් එපා යනුවෙන් කෑ මොර දෙමිනි.

ශ්‍රී ලංකාවේ දූෂණය නොවූ ආයතනයක් සොයා ගත නොහැකි අන්දමට සියල්ලම උඩු  යටිකුරු වී තිබේ. ඒ අතර මීට දින දෙකකට පෙර ශ්‍රී ලංකාවේ වංචා දූෂණ සහ අක්‍රමිකතා සෙවීම සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් විදේශයන්වලට පැන යාම වැලැක්වීම සදහා විදේශගත ශ්‍රී ලාංකික විද්වතුන්ගෙන් සමන්විත ජාත්‍යන්තර මද්‍යස්තානය විවෘත කරනු ලැබුවේ ජර්මනියේදිය. ලංකාව ගොඩනගන්නට නම් සියලුම ප්‍රජාවන් නැවත නිසි ස්ථානයේ තිබිය යුතුය.

නීතියක් හෝ සදාචරයක් හෝ ආගමක් නොහදන , දේශපාලනය ජීවිතය කරගත් මිනිසුන් සිටින රටේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පසුගියදා පොලිස් අධිකාරි වෙත්තසිංහ විසින් විශේෂ බලකා නිලධාරිනට පහර දුන් බවට ප්‍රාක්ෂ කරමින් යුධ හමුදාව සහ පොලීසිය අතර ගැටුමක් නිර්මාණය කිරීමට සමාජ මාධ්‍ය ජාල මෙන්ම උගතුන්ද විශාල වෙහෙසක් ගත්තේ රටට ආදරයට නොවේ. පාර්ලිමේන්තුව අභියස රාජකාරි කල පොලිස් අධිකාරීවරුන් බවට කියවෙන මහින්ද, උපුල් සහ පුෂ්පකුමාර යන මහත්වරුන් අනෙකුත් ප්‍රශ්න සියතට ගෙන ජනතාව මෙන්ම යුධ හමුදාවද මනාව පාලනය කිරීමේ කටයුත්ත නොකළේ නම් සහ යුද්ධ හමුදාපති මෙන්ම පොලිස්පතිද ඒ අවස්ථාවේ බුද්ධිමත් නොවුයේ නම් පසු දිනක මේ දුවන කෝච්චියට බෙල්ල තබන්නේ යුධ හමුදාවයි. එදින හෝ ඉන් පසුව ජනතාව කුපිත කරවමින් වෙඩි තැබීමක් යුධ හමුදාව විසින් සිදු වුයේ නම් ජාත්‍යන්තර වශයෙන් සිදුවන බලපෑම තව දුරටත් පීඩනයක් වෙමින් යුධ හමුදාධිපතිට ලැබෙන චෝදනා වලින් තව දුරටත් හිරවීමේ අවධානමෙන් යුද හමුදාව ගැලවුනේ අනු නමයෙනි. අංක තහඩු නැති යතුරු පැදි, පොලිස්පති විසින් යුධ හමුදාව කැදවා නොතිබීම, ඇතුළු චෝදනා විශාල ප්‍රමාණයකින් යුධ හමුදාව ගැලවුනේ දසමයෙනි.

රඹුක්කන සිද්ධිය වූ දිනයේ ලංකාවේ සියගණනක් උද්ඝෝෂණ පැවැත්විණි. රඹුක්කන උද්ඝෝෂණ පැවති දින අප ආයතනය වෙත ලැබුණු වීඩියෝ ප්‍රමාණය සියයකට ආසන්න විය. මා පෞද්ගලිකවම උද්ඝෝෂණ 15 ක් පමණ එදින වීඩියෝ කර තිබුණි. රඹුක්කන වෙඩි තැබීම සිදුවන විට මා සිටියේ රත්නපුර, ගොඩකවෙල නගරයේ පැවති උද්ඝෝෂණයක් නිසා එම ස්ථානයෙන්  යාමට නොහැකිවයි. මාතර සිට කොළඹ දක්වා රත්නපුර හරහා ගමන් කිරීමට පැය 15 ක් පමණ ගත වුනේ පැවති උද්ඝෝෂණ නිසාය. ගොඩකවෙල නගරයේ  සිය ගනනක් දෙනා එකතුව මාර්ගය අවහිර කරමින් පැය දෙකක් පමණ උද්ඝෝෂණය කල අතර ගිලන්රථ වලට හා පාසල් බස් රථ වලට පමණක් යාමට ඉඩ ලබා දීමට ඔවුන් කටයුතු කළේය. මා වැඩිම වෙලාවක් රැදී සිටි උද්ඝෝෂණය එය විය. එහිදී යුධ හමුදා වෑන් රථයක්ද හරවා යැවීමට උද්ඝෝෂකයන් කටයුතු කළේය.

එදින ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති හෝ  අනෙකුත් පොලිස් නිලධාරීන් අත කිසිදු ගිනි අවියක් තිබුනේ නැති බවද මට නිරීක්ෂණය විය. මා එදෙස විපරම් කලේ රඹුක්කන වෙඩි තැබීම පිළිබදව දුරකථන ඇමතුම ලැබුනේ එම ස්ථානයේදී සිටියදීම නිසාය . එදින මා ලබා ගත් සමහර උද්ඝෝෂණ තිබෙන ස්ථාන වල පොලිසියෙන් හෝ සිටියේ නැති අතර පොලිස් නිලධාරීන් සිටියත් ඔවුන් අත කිසිදු ගිනි අවියක් දක්නට තිබුනේ නැත. පැය දෙකකින් පමණ පසු මා සිරවී සිටි ගොඩකවෙල නගරයේ උද්ඝෝෂකයන් අතරට ගිය ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති ඔවුන් සමග ඉතාම සහයෝගයෙන් කතා කිරීමෙන් අනතුරුව ඔවුන් මාර්ගය විවෘත කරමින් මාර්ගය හරහා යොදා තිබු සියලුම බාධක ඉවත් කරමින් උද්ඝෝෂණය අවසන් කෙරිණි. අපට වාර්තා වූ අන්දමට එදින ලංකාව පුරා උද්ඝෝෂණ සිය ගන්නකි. පසු ගිය 31 වෙනිදා සිට එවැනි උද්ඝෝෂණ දස දහසකට වඩා තිබෙන්නට ඇතයි අපට විශ්වාස කල හැකි තරමට වීඩියෝ සහ වාර්තා අප ආයතනය වෙත ලැබී තිබේ. තවමත් ලැබෙමින් පවතී. රඹුක්කන හැර ශ්‍රී ලංකාවේ වෙනත් කිසිම ස්ථානයකින් පොලිසිය සිදු කරන අපරාධ වාර්තා නොවන අතර ගාල්ලේ සිදුවීමද නැවත යථා තත්වයට පත් කිරීමට පොලිසිය විසින්ම කටයුතු කරන ලදී. පොලිසිය මෙන්ම හමුදාවද බුද්ධිමත් විය යුතුය.

මේ සියල්ලම මෙසේ සිදුවෙද්දී පොලිස් ශ්‍රී ලංකා පොලිසියට දැවැන්ත කීර්තිනාමයක් ඇති වෙමින් තිබුනේ, අවස්ථාවට අනුව ඔවුන් උද්ඝෝෂකයන් පාලනය කල බැවිනි. 87000 ක් පමණ සිටින පොලිස් දෙපාර්තමේන්තුව නම් වූ පවුලේ නැහැදිච්ච තවත් එක් සුනඛයෙකුගේ දේශපාලනය හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් අපකීර්තියක් මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානය බින්දුවට බැස්සේය. ශ්‍රී ලංකා පොලිසිය තුලින් යාම නීතිවිරෝදී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ හැමතැනම සිටින්නේ එක්කෝ දේශපාලනයෙන් උසස්වීම් ගත් නිලදාරියෙකි. එක්කෝ දේශපාලන හෙන්චයියෙකි. එක්කෝ මේ කිසිම දෙයක් නැති නූගත් නිලධාරියෙකි.

ඒ අතර ගුවන් හමුදාධිපතිද පුහුණුවන්නන් කණ්ඩායමක් කොට කලිසම් ගස්සවා පොලු අතට දී උද්ඝෝෂකයන් පලවා හැරීමට සැලසුම් කරන බවද වාර්තා විය. ඒ ඔහු නීතිය දන්නා තරමය. රටේ ඉහලින්ම තිබෙන්නේ ආණ්ඩුක්‍රම නීතිය බව නොදත් ගුවන් හමුදාපතිගේ ද වැරදි විශාල ප්‍රමාණයක් සාක්ෂි සහිතවම අප සතුව තිබේ. ගුවන් හමුදාධිපතිට එසේ චෝදනා එල්ල වෙද්දී යුධ හමුදාධිපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතිය අමතමින් ජනතාවගෙන් සහයෝගය ඉල්ලමින් ඉතාම විශිෂ්ඨ ලෙස ජනතාවට ආමන්ත්‍රණය කරන ලදී. ඔහුගේ ප්‍රකාශය ආණ්ඩුක්‍රම නීතිය අනුව ඉහලින්ම තිබෙන අතර ඔහුට ජනතාව තිබෙන කැමැත්ත නිසාදෝ විවිධ ප්‍රදේශ වල තිබෙන මාර්ග වසා දැමීම නතර විය. පොලිස්පතිවරයා රඹුක්කන සිද්ධිය ගෙන හැර දක්වමින් සිදුකල කතාවෙන් ඔහුගේ තත්වය තව දුරටත් බාල විය. මාධ්‍ය ප්‍රකාශ දෙන්නට කලින් කල යුතුව තිබුනේ එදිනම, එවෙලේම අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය යටතේ කටයුතු කිරීමටයි. නමුත් කුමක් හෝ කරුණක් නිසා පොලිස්පති පීඩනයෙන් සිටින බව ද පෙනෙන්නට තිබේ. සැබවින්ම වෙඩි තැබීම සදහා යම් අමාත්‍යවරයෙකු අණක් දී තිබෙන්නේ නම් ඔවුන්ටද විරුද්දව අපරාධ චෝදනා ඉදිරිපත් විය යුතුය. ඒ සදහා සුදුසුම වෙලාවත් මේ අවස්තාව වන ආතර නැවත කිසිම දිනයක පොලිසියට දේශපාලන ඇගිලිගැසීම් ඇති නොවන්නට නම් එය සිදුවිය යුතුමය. කරුණු කාරනා කෙසේ වුවත් දේශපාලන ඇගිලි ගැසීම් තිබෙන තාක් පොලිසියට තම රාජකාරිය කිරීමට නොහැකි වනු ඇත.

වර්තමාන පොලිස්පතිතුමාටද විවිධ චෝදනා තිබේ. ඒවා වෙනමම ලිවිය යුතුය. මේ සිද්ධියේදී පොලිස් නිලධාරීන්ගේ නරුම ගති පෙනුනේ සමහර පොලිස් නිලධාරීන්ගේ අයහපත් හැසිරීම නිසා බව පැහැදිලිය. ඒ අතර තවත් පිරිසක් උත්සාහ කරන්නේ පොලිස්පති ගෙදර යවන්නටයි. ඒ වෙනුවෙන්ද දිය යටින් ගින්දර ගෙනියන බවද පැහැදිලිය. ඒ කෙසේ වෙතත් පොලිස්පති ගෙදර යැවීමට පෙර සිදුවිය යුත්තේ මේ සිද්ධිය පිළිබදව නිවැරදිවම පරීක්ෂණ සිදුකර අදාළ පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා දීම සදහා බල කිරීමයි. සමහර විට පොලිස්පතිද අසරණව සිටින බවද නොරහසකි.  ඔහු කල යුත්තේ සියලුම සාක්ෂි නිසි ලෙස ලබාගෙන අවස්තාව පැමිණිවිට හෝ එළිදැක්වීමයි . පරීක්ෂණ යටපත් කිරීමෙන් හෝ සැගවීමෙන් පාස්කු සිද්ධිය මෙන් නැවත නැවත මතු කිරීමට කටයුතු නොකළ යුතුය. ඒ අතරම සියලුම පොලිස් නිලධාරීන් මෙම සිද්ධිය පාඩමක් කර ගත යුතුය.

ටී 56 ගිනි අවි තුනකින් උණ්ඩ 35 ක් නිකුත් කල පොලිස් නිලධාරීන්ට ගැලවීමක් සිදු නොවනු ඇත. මනම්පේරි ඝාතන නඩුවට අනුව සහ එම පූර්වාදර්ශ නඩු තීන්දුව නැවත වරක් අධිකරණයේදී එකතුවෙමින් තහවුරු වන පූර්වාදර්ශ නඩු තීන්දුවක් අධිකරණයේදී එකතු වනු බවට යම් විශ්වාසයක් ඇති කර ගත හැකිය. එහෙත් ප්‍රතිවිරුද්දවද යම් සාක්ෂි තිබුණහොත් සියල්ලම කන පිට හැරෙනු ඇත.  

මේ සියල්ලම තවමත් අවසන්ව නැත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම වැඩ පටන්ගෙන තිබේ. ඒ අනුව ඊයේ (22) පොලිස්පති චන්දන වික්‍රමරත්න, සබරගමු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, සහ සේවාස්ථ පුහුණු අධ්‍යක්ෂක නීතීඥ ජාලිය සේනාරත්න යන මහත්වරුන් මානව හිමිකම් කොමිෂම වෙත කැඳවා තිබුණි. පිටත්ව යන මොහොතේ එහි රැස්ව සිටි ජනතාව හූ තැබුවේද පොලිස් දෙපාර්තමේන්තුවේ අඩු පාඩු නිසා සිදු වූ මහා අපරාධයට ජනතාවගේ පැත්තෙන් දිය හැකි ආචාරය ලෙසයි.  

Exit mobile version