පාලක පන්තියේ මෙන්ම තම දේශපාලන නායකයන්ගේ වුමනාවන් පිරිමසා දීම සදහා කටයුතු කරන ත්‍රිවිධ හමුදා මෙන්ම පොලිස් නායකයන්ගේ හැසිරීම් අයහපත් බව අප දිගින් දිගටම පෙන්වා දෙන්නේ මේ කිසිම දේශපාලන හෝ හමුදා හෝ පොලිස් නායකයන් සමග තරහකින් නොවේ. ඔවුන්ගේ දුර දැකීමේ නුවනක් නැතිකමෙන් විනාශ වන්නේ ඔවුන්ම මෙන්ම මෙරට ජනතාව බැවිනි. එසේම හමුදා පොලිස් නිලධාරීන් තම රාජකාරිය පැහැර හැරීමෙන් වර්තමානයේ බේරී සිටියත් ඉදිරියේදී ඔවුන්ට සිදුවන්නේ තනි තනිවම ප්‍රශ්නවලට මුහුණදීමට බව ලෝක ඉතිහාසයේ උගත් ඕනෑම කෙනෙකුට දැනෙන්නට යුතුය. එහෙත් කනගාටුවට කරුණ නම් දේශපාලකයන් බොහෝ හමුදා නායකයන් මෙන්ම පොලිස් නිලධාරින්ද කටයුතු කරන්නේ තමන්ට හෙට කුමක් වේවිදැයි නොදැනය.
හිරුනිකාගේ පියයුරු, මෙන්ම ක්‍රිකට් සහ මත්ද්‍රවය වලින් පමණක් සතුටු වන බොහෝ පුද්ගලයන් අතරේ ශ්‍රී ලංකාව වෙනස්ම මගක ගෙන යන්නට අවශ්‍ය පසුබිම් මේ වන විටත් මෙරට තුල නිර්මාණය වී අවසන්ය. එහි ප්‍රතිපලය ලෙස බොහෝ හමුදා නායකයන්, පොලිස් නිලධාරීන් මෙන්ම දේශපාලන නායකයන්ටද හිරගෙදර තපින්නට සිදුවනු ඇත. ඉතිහාස ගවේෂනයන්වලදී ද මෙවැනි රාජ්‍යන් වල එසේ සිදුව තිබෙන බවට සාධක තිබේ.
මෙරට ගිනි ගැනීමේ ප්‍රථම දරුණුතම සිද්ධිය වන්නේ පසු ගිය මාර්තු 31 වැනි දාය. එදා සිට මේ වන විට ගැටුම්, මිය යාම්, අත් අඩංගුවට ගැනීම්, දහස් ගනනක් සිදුවන්නට ඇත. නමුත් මේ ගැටුම් වලින් විශේෂ අවධානයක් ගත්තේ යුධ හමුදාව සහ පොලිසිය අතර සිදු වූ ගැටුම්ය. එහි ප්‍රථම සිදුවීම සිදුවන්නේ පාර්ලිමේන්තුව අසබඩදී නීතිවිරෝදී ලෙස පැමිණි යුධ හමුදා විශේෂ බලකා යතුරුපැදි කරුවන්ට පොලිසිය පහර දීමයි. මෑතකදී සිදුවීම ලෙස දැන් කරලියට පැමිණ තිබෙන්නේ වරකාපොල දුම්මලදෙනිය පිරවුම්පලේදී යුධ හමුදා බොක්ෂි ශූරයෙකු වන යුධ හමුදා ලුතිනන් වරයෙකු වූ ගල්හේන නමැති නිලධාරියෙකුගේ පහර දීමයි.
මේ පහර දීම් වලින් ප්‍රථම පහරදීම වන පාර්ලිමේන්තුව ඉදිරිපිට සිදු වූ සිදුවීමෙන් සහකාර පොලිස් අධිකාරිවරුන් වන පොලිස් අධිකාරි වෙත්තසිංහ සහ පොලිස් අධිකාරී මහින්ද විල්ලොරාරච්චි යන දෙදෙනාට ආරක්ෂක අමාත්‍යාංශය මගින් පරීක්ෂණයක් පවත්වමින් තිබේ. නමුත් එම සිද්ධිය පිලිබඳව අපට ලැබුණු සාධනීය තොරතුරු සහ වීඩියෝ දර්ශනවලට අනුව සිද්ධිය තුල තිබෙන නීතිමය පසුබිමත්, එම සිද්ධියෙදී යුධ හමුදාව වැරදි බවත් පැහැදිලිවම වාර්තා කර තිබේ. එසේම එහිදී අප සදහන් කර තිබෙන්නේ එම සිද්ධිය එතැනින්ම අවසන් නොවුනහොත් එය වැරදි පූර්වාදර්ශයක් වියහැකි බවයි. නමුත් මාධ්‍යයටද හොර රහසේම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පරීක්ෂණය ස්වාදීනද නැද්ද පිලිබදව ඉදිරියේදී වාර්තා වනු ඇත.
එදා පාර්ලිමේන්තුව අසබඩ සිද්ධිය තුලින් මෙරට පවතින නීතියට අනුව යුධ හමුදාව වැරදි පිළිගෙන නිහඩව සිටියේ නම් නැවත දුම්මල සූරිය වැනි සිද්ධියක් සිදුව හමුදා නිලධාරියා නීතිය අතට නොගනු ඇත. හමුදා නිලධාරින් ස්වාභාවිකවම ජනතාවගේ විරුවන්ය. නමුත් නීතිය අතටගෙන කටයුතු සිදුවීමෙන් සිදුවන්නේ එහි ගරුත්වය ජනතාව විසින්ම නැතිකරලීමයි. එබැවින් ශ්‍රී ලංකාව නැවත ගොඩනගන්නට මත්තෙන් මෙරට සිටින හමුදා සහ පොලිස් නිලධාරීන් දැන්වත් නීතියට අනුව බුද්ධිමත්ව ජීවත් වීම සිදුනොවන්නේ නම් වැඩි ඈතක නොගොස් හමුදා සහ පොලිස් නායකයන් අතර විරසකයක් ඇති වනු ඇත. ඒ විරසකය කුමන අකාරයකින් සිදු වුවත් නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ සාමය ආරක්ෂා කිරීමේ ඉහලම බලධාරියා වන පොලිස් නිලධාරීන් හමුවේ යුධ හමුදාවට අසරණ වීමට සිදුවනු ඇත.
එබැවින් අප අවධානය යොමුකරනුයේ මෙම සිද්ධීන් දෙකම බලධාරීන් ලෙස මැදිහත්ව සමනය කරගෙන නැවත මුල සිටම ඉදිරියට යන ලෙසයි. මෙවැනි අවශ්තාවලදී සියලුම දෙනා බුද්ධිමත් නොවන්නේ නම් එහි ප්‍රතිපල කුමක් වේවිදැයි හදුනාගැනීමට ලෝක ඉතිහාසය අධ්‍යයනය කිරීම කාට කාටත් හොඳ පාඩම් වනු ඇත.
සියලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම හමුදා පොලිස් නිලධාරීන් බලය, අභිමතය සහ රාජකාරිය තුලනාත්මක ගැලපිය යුතුය. එසේ නොවන්නේ නම් එය නොගලපිමෙන් සිදුවන හානියට වන්දි ගෙවන්නට සිදුවන්නේ තම තමන්ට පෞද්ගලිකවය.