යුධ හමුදා පාතාලය තවත් මාධ්‍යවේදියෙකුට තර්ජනය කරයි.

ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබෙන්නේ නීතියට ගරු නොකරන සමාජයක් සහ නීතියට අනුව කටයුතු නොකරන සමහර හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් බහුල සමාජයක් බව අදත් අපට දැක ගන්නට ලැබුණි. ඒ ගාලු කොටු පවුර මතදී යුධ හමුදා නිලධාරීන්ගේ නීතිවිරෝදී හැසිරීම හමුවේය. එවැනි හමුදාවක් නම් ශ්‍රී ලංකාවේ හමුදාව එය ශ්‍රී ලංකාවේ මානව පැවැත්මට දැඩි තර්ජනයක් වන බව නම් පැහැදිලිය. සිද්ධිය කුමක්ද යන්න පැහැදිලි නැති වුවත් කන්දකාඩුව පුනරුත්තාපන කඳවුර තුලදී ඊයේ දක්නට ලැබුනේ යුද හමුදවාට එල්ල වූ චෝදනාවන්ය. එසේම පසුගිය දිනයක පාර්ලිමේන්තුව අසබඩදීද පොලිස් අධිකාරිවරුන් වන වෙත්තසිංහ සහ මහින්ද යන නිලධාරීන් සමග අංක තහඩු නැති  විශේෂ කාර්ය බලකා යතුරුපැදි නිලධාරීන්ගේ සිද්දදියෙදීද යුද හමුදාවේ වැරදි ක්‍රියාකාරකම් දක්නට ලැබුණි.  

රටක නීතියට පරිභාහිරව යමෙක් කටුතු කරන්නේ නම් ඔවුන් නීතිවිරෝදී වැඩකරන පුරවැසියන් වේ. එසේම ඔවුන්ගේ ක්‍රියාකලාපයන් අනුව විවිධ ඝනයේ අපරාධ කරුවන් බවට පත් වේ. නමුත් ආරක්ෂක හමුදාවක් එහි සාමාජිකයන් එසේ අපරාධකරුවන් ලෙස කටයුතු කරන්නේනම් එය එම ආයතනයේ දැවැන්ත පිරිහීමකි. එවිට ඒවායින් බිහිවන්නේ පාතාල සාමාජිකයන් වැනි පුද්ගලයන් වේ.

පාතාලය යනු නීතිවිරෝදී අපරාධ කණ්ඩායමකි.  මෙරිටයිම් ශබ්ද කෝෂයට අනුව පාතාල සාමාජිකයන් යනු “අපරාධ සහ දුෂ්ට ක්‍රියාවන්හි නියැලී සිටින සහ සංවිධානය වී ඇති සමාජයේ කොටස් සහ සාමාජිකයන්” වේ. පිළිගත් සමාජයන් තුල පොලිස් සහ ආරක්ෂක හමුදා කටයුතු කරන්නේ එවැනි පුද්ගලයන්ගෙන් සමාජය ආරක්ෂා කිරීමට සහ එවැනි පුද්ගලයන් වැරදිවලින් මුදවා ගැනීමටයි. නමුත් ශ්‍රී ලංකාව තුල මේවන විට බිහිව තිබෙන සියලුම සමාජ කොඨිඨාශයන් ආගමික වශයෙන් හෝ සමාජ විද්‍යාත්මක වශයෙන් හෝ පිළිගත නොහැකි තත්වයට දූෂණය සහ විනාශයෙන් පිරී ආරක්ෂක අංශ බව අමුතුවෙන් සදහන් කල යුතු නොවේ. 

වස්ගමුව රක්ෂිතයේ ආරක්ෂක අංශ යොදාගෙන නිධන් හැරිම, ආරක්ෂක අංශ විසින් පෞද්ගලික දුරකතනයට ඇහුන කන් දීම, හමුදාවට කෑම ලබාඅ දීමේ ටෙන්ඩර් මගඩි,  ආරක්ෂක අංශවලට ගෙන ආ තීරු බදු සහිත වාහනවලට ලක්ෂ ගණන් වියදම් කොට රජයේ වියදමින් බොඩි කිටි ගහන කතා එළිදරව් කිරීම,  අනුරාධපුර ඥානක්කා ගැන ලිපි, කූරගල පුදබිම ඉදිකිරීමේදි මූල්‍ය අක්‍රමිකතා සිදුවීම ආදී ලිපි ලියු විමර්ශනාත්ම මාධ්‍යවෙදියෙකුටද මරණීය තර්ජන එල්ල වී තිබේ. නමුත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ හෝමාගම පොලිස් ස්ථානය මගින් සිදුකර තිබෙන නීතිවිරෝදී, නින්දාසහගත මෙන්ම රාජකාරිය පහර හැරීමක් පිලිබදව වාර්තා එයි.

එසේ තර්ජනයට ලක්ව තිබෙන්නේ ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදීයෙකු වන හෝමාගම උඩුවන හෙරලිගස්වත්ත නො.161/F පදිංචි ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතාටය. ඔහුගේ නිවසට අල්ලපු නිවසේ සිටින ඇමති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස්  නිලධාරියෙකුගේ නිවසට පැමිණ තිබු යුධ හමුදා නිල රථයක් සම්බන්ධ පැමිනිල්ලකදී මෙම සිද්ධිය සිදුව තිබේ.

මෙම සිද්ධිය සමග 2018 වර්ෂයේ නාදුනන රථයකින් සිදු අනතුරක් පිලිබදව යම් සැකයක් සිටිය හැකි දෙයක් අදාළ ඇමති ආරක්ෂක අංශයේ සැරයන් තිලකරත්න යන පුද්ගලයාගේ බිරිද විසින් යයි කියවෙන හඩපටයකින් කියවෙන්නේ “ ගියපාර වගේ ඕකාගේ කොන්ද කඩලා ඉවර කරන්න එපා” ලෙසයි. එම පොලිස් සැරයන් තිලකරත්න යන අයගේ බිරිද ලුතිනන් කර්නල් දිනේෂ් බුලත්සිංහල නමැති නිලධාරියාගේ බිරිදගේ හොදම යහළුවෙකු බවද කියවේ.  එහිදී යුධ හමුදා රථයේ රියදුරු විසින් මෙම මාධ්‍යවේදියා වාහනයේ හැප්පීමට උත්සාහ කර තිබේ.

මෙම සිද්ධීන් පිලිබඳව කරන ලද පැමිණිල්ල විභාගයේදී සිදු වූ සියල්ලම පටිගතකරගෙන තිබේ. එහිදී මෙම මාධ්‍යවේදියාට තර්ජනයක් වන ලෙස පොලිස් නිලධාරීන් කටයුතු කරන බව පැහැදිලිවම අසන්නට තිබේ. එහිදී පොලිස් පරීක්ෂක පෙරේරා තමුසේ ලෙස පැවසීම, යුධ හමුදා නිලධාරියා නිල ඇදුමෙන් නොසිටියේ නම් පහර දෙන බව පොලිසියේදීම ප්‍රකාශ කිරීම, පොලිස් පරීක්ෂක අජන්තා විසින් පැමිණිලිකරු  කරදරයක් බව කීම ආදී අකටයුතුකම් ගණනාවක්ම එම පටිගත කිරීම් වල ඇසෙන්නට තිබේ.

මෙම කටයුතුවලින් දක්නට තිබෙන්නේ මෙම යුධ සහ පොලිස් ආයතන දෙකම විනාශයට ගොස් තිබෙන බවයි. එම පිරිහීම කෙතරම්ද යත් යුධ, ගුවන්, නාවික මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව පවා දූෂණය වී තිබේ. නාවික හමුදාව තුල දැවැන්ත විනාශයක්, පිරිහීමක් වාර්තා නොවන නමුත් අනෙකුත් සියලුම ආයතන පිරිහී තිබේ. එම පිරිහීම කෙතරම් දරුණුද යත් ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් සමහරු කටයුතු කරනුයේ “ පාතාල සාමාජිකයන්” සේ බවට සාක්ෂි ඕනා තරම් තිබේ.  

යුධ හමුදාවේ සහ පොලිසියේ පතල කල්ලි සේ ක්‍රියාත්මකවන මෙවැනි හමුදා සහ පොලිස් කණ්ඩායම්ක සිදුකරන්නේ පාතාල සාමාජිකයන් ක්රියාත්ම වන ආකාරයට වේ.

Exit mobile version