- සිසුන්ගේ ඔළු පලන්න යුද හමුදාවත් එක්ක ආපු පොලුකාරයෝ…!
- උන් කව්ද කියන්න හමුදා ප්‍රකාශකයා දන්නෙ නැතිලු…!
- බැටන් පොල්ල හොයන්නත් බෑ
- පිටුපසින් ගත් ඡායාරූප
- ඉස්සරහ හිටියෙ නෑ
- පොලු සඟවාගැනීමේ උත්සාහයක්
- වෙනත් කණ්ඩායම්
- පොලු හමුදා කණ්ඩායම රජයේ නිල හමුදා භටයන් නොවේ නම්
- ඡායාරුප සංස්කරණය කර තිබේ නම්.
- දැවැන්ත විනාශයක සලකුණු. බොරුව සහ තෙවෙනි ඇස සහ සාකච්චා
- ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් ජිනීවා ගැටයට හිර කිරීම
රටක අනාගතය විසදිය යුත්තේ එහි ආරක්ෂක අංශද ආරක්ෂා කරගෙනය. එසේ නොමැති වුවහොත් සිදුවන විනාශයන් නැවත සැකසිය නොහැක. පසුගිය 07 වැනිදා ශිෂ්‍ය විරෝධතාව මර්ධනය සදහා පොලු රැගෙන පැමිණියේ යුධ හමුදාවේ පිරිසක්ද යන්න පිළිබඳව හඳුනාගැනීමට විමර්ශනයක් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත් පවසන ලදී.
යුද හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක් මෙසේ පොලු රැගෙන විරෝධතා මර්දනය සඳහා යෙදවීම මෙන්ම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිටියදී හමුදාව ඉදිරියට යැවීමේ නියෝගය පැමිණියේ කාගෙන්ද යන්න පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
‘පිටුපසින් ගත් ඡායාරූප’
එම ඡායාරූප පිටුපසින් ගත් ඒවා නිසා අදාළ පුද්ගලයන් හඳුනාගැනීමට නොහැකිව සිටින බව සඳහන් කළ යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂවරයා, එම නිල ඇඳුම යුද හමුදා නිල ඇඳුම බව පෙනීයන්නේ යැයි ද පවසා තිබේ.
‘බැටන් පොල්ල හොයන්නත් බෑ’
අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් භාවිත කිරීම සඳහා පොලිසිය භාවිත කරන ආකාරයේ බැටන් පොල්ලක් හමුදා සෙබළුන්ට ද ලබාදී ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබේ. අදාළ ඡායාරූපවල ඇත්තේ එම බැටන් පොල්ල බව තහවුරු කළ හැකි දැයි විමසීමේදී බ්‍රිගේඩියර්වරයා සඳහන් කලේ පිටුපසින් ගත් ඡායාරූප නිසා එය ද නිශ්චිත ව තහවුරු කළ නොහැකි බවයි.
‘ඉස්සරහ හිටියෙ නෑ’
සාමකාමී විරෝධතා පාලනය සඳහා පොලිසිය සහ කැරලි මර්දන අංශ තිබියදී මෙසේ යුද හමුදා භට කණ්ඩායමක් ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේ එය ද විමර්ශනයට අදාළ බවයි. පොලිසිය, කැරලි මර්දන අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙවැනි අවස්ථාවල ඉදිරියෙන් සිටින බවත්, යුද හමුදාව මේ අවස්ථාව වන විට ඉදිරි රාජකාරි සඳහා යොදවා නොසිටි බවත් අප කළ විමසීමේදී ඔහු වැඩිදුරටත් පැවසීය.
‘එතැන ම ද ?’
කෙසේ වෙතත් මෙම ඡායාරූප සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත්, මෙම ඡායාරූප අදාළ සිදුවීම අවස්ථාවේදී ගත් ඒවා ද, එසේත් නැත්නම් වෙනත් ස්ථානයක ගත් ඒවා ද යන්න සහ සංස්කරණය කළ ඒවා ද වැනි සියලු කරුණු විමර්ශනයට ඇතුළත් බවත් මාධ්‍ය අධ්යක්ෂවරයා සඳහන් කළේය.
“තැන මෙන්න !!!
යුද හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක් මෙසේ පොලු රැගෙන අදාළ විරෝධතාව මර්දනය කරන අවස්ථාවේ ඉදිරියෙන්ම සිටියහ. එම ඡායාරූප සමාජ මාධ්‍යයේ සීග්‍රයෙන් සංසරණය විය. එම පිරිස ස්ථානගත කර තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයත් – කලා පීඨයත් අතර ය.
“පොලු සඟවාගැනීමේ උත්සාහයක්”
මුලදී ඉදිරියෙන් සහ පසුව පිටුපසින් සිටි මෙම පිරිස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර අතරතුරදී පොලු සඟවාගැනීමේ උත්සාහයක යෙදෙනු ද නිරීක්ෂණය කළ හැකි විය.
මෙම පිරිස යුද හමුදා භට කණ්ඩායමක් ද, වෙනත් කණ්ඩායමක් ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් මතු වී තිබේ. එය මතුකර තිබෙන්නේ යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක විසිනි. ඔවුන් සතුව ගිනි අවිද තිබේ.
“වෙනත් කණ්ඩායම්”
2022 මාර්තු 9 දා සිට මෙවැනි සාමකාමී විරෝධතා පැවැත්වූ අවස්ථාවලට වෙනත් කණ්ඩායම් පැමිණ පහර දුන් අවස්ථා ද තිබිණි. නමුත් මේ අකාරයෙන් ගිනි අවි සහිතව නිල ඇදුමට යටින් පොලු සඟවා ගත් කණ්ඩායම් පිලිබඳව අපට වාර්තා නොවීය.
“ කරුණක්”
කෙසේ වෙතත් යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂවරයා විසින් මෙම කණ්ඩායම හමුදා සෙබළුන් ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බව පැවසීම ඉතා හොදය. එය යුධ හමුදාව හිර නොවන සැබෑම පරීක්ෂණයක් විය යුතුමය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් (07) පැවැත්වූ මෙම විරෝධතා පාගමන ලිප්ටන් වට රවුම ආසන්නයෙන් ආරම්භ කෙරිණි. කොළඹ විශ්වවිද්‍යාලය අසල දී එය දරුණු ලෙස මර්දනය කෙරුණු අතර, එහිදී ආරක්ෂක අංශ විශ්වවිද්‍යාලය තුළට ඇතුළු වී එහි අධ්‍යයන කටයුතුවල නිරත ව සිටි ශිෂ්‍යයන්ට ද පහර දී තිබිණි. එසේ ම විශ්වවිද්‍යාලය තුළට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කර තිබිණි.
“ප්‍රහාර”
මීට විරෝධය පළකරමින (08) එම ස්ථානයේ දී විරෝධතාවක් පැවැත්වූ අතර, ඉන්පසු පැවති සාමකාමී පාගමනට ද කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කෙරිණි. එම ප්‍රහාරවලින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් සිසුහු ද බලවත් පීඩාවට පත්වුහ.
“පොලු රැගත් කණ්ඩායම හමුදා භටයන් නොවේ නම්”
මෙම පිරිස හමුදා භටයන් නොවේ නම් එය තවත් බරපතල වන්නේ ජාතික ආරක්ෂාවට එය හිඩැසක් බැවිනි. මෙම පිරිස හමුදාවේ වුවත් එය සහනයකි. ඒ ඔවුන් කවුරුන්ද යන්න හදුනාගත හැකි බැවිනි. ඔවුන් හමුදාවේ නොවේ නම් එය ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයකි. ඔවුන් සතුව පොලු පමණක් නොව, ගිනි අවිද තිබේ. එසේ නම් වහාම ඔවුන් අත් අඩන්ගුවට ගත යුතුය.
“ඡායාරුප සංස්කරණය කර තිබේ නම්”.
සමහර විට මෙම පරීක්ෂණයෙන් මෙම චායාරූප සංස්කරණය කල ඒවා බව යුධ හමුදාව පැවසිය හැකිය. නමුත් ඒම ප්‍රතිපලය සමග වීඩියෝ දර්ශන සමාජයට එකතු වුවහොත් යුධ හමුදාවේ පරීක්ෂණය තව දුරටත් බොරුවක් බවට පත්වනු ඇත.
“අපගේ අතීත සටහන්”.
වර්තමාන තරුණ පරපුර මර්ධනයෙන් යටපත් කිරීමට නොහැකි පරපුරක් බව අප මීට පෙර මෙම වෙබ් අඩවිය තුලම ලියා තිබෙන අතර දිගින් දිගටම සිදුකරන මර්ධනය ලේ වැගිරීම් දක්වා ගමන් කරනා බවද අප වාර්තා කලේ 2022 අගෝස්තු මාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත් වී පැය 24 ක් ගතවීමටත් පෙර එල්ල කල ප්‍රහාරයෙන් පසුවය. එසේම අප පැහැදිලිවම සදහන් කර තිබෙන්නේ මෙම පහරදීම් නිසා දැවැන්ත හානියක් සිදුවන බවත් එය නුසුදුසු බවත්ය.
“බොරුව සහ තෙවෙනි ඇස සහ සාකච්චා”
බොරුව සදාකාලිකව නොපවතී. අනීතික ක්‍රියා නිසා අවසානයේ දඩුවම් විදින්නේද එම ක්‍රියාව කල පුද්ගලයන්මය. අතීතයේ මර්ධනයන් සිදුකලත් වර්තමානයේ මර්ධනයන් සිදුකිරීම, තවත් තෙවැනි ඇසක පටිගත වන බව හොදින් මතක තබා ගත යුතුය. ආරක්ෂක අංශ ප්‍රධානීන් කල යුත්තේ මෙම ශිෂ්‍ය නායකයන් සහ දේශපාලන නායකයන් එක මේසෙකට රැගෙනවිත් සාකච්චා මාර්ගයෙන් මේ ප්රශ්නය විසදීමට කටයුතු කිරිමය. ජනාධිපතිවරයා රට ගොඩනැගීමට දරන වෙහෙසට මෙම උද්ඝෝෂන සුදුසු නැති බව අප කවුරුත් පිළිගනී. නමුත් අනීතික මර්ධනයන්ද සුදුසු නැත. ඉන් ජනතාව කුපිත වන අතර විවිධ කල්ලි විසින් නැවත වරක් රට අගාධයට රැගෙන යාමට කටයතු සිදු වේ. මේ සියල්ලම සිදුවන්නේ අනීතික මර්ධනයන් නිසාය. කිසිම අරගලයකට හෝ දේශපාලන පක්ෂයකට හෝ දේශපාලන නායකයෙක් වෙනුවෙන් ලිපි නොලියන අප දකින දේ ලියයි. දකින දේ සමග විද්‍යාත්මක ගැලපීම් සිදුකරනුයේ අපට මේ රට අවශ්‍ය බැවිනි. එසේම රටේ සියලුම ආරක්ෂක අංශ අනාගතය වෙනුවෙන් කීර්තිමතව තබා ගත යුතුය.
“දැවැන්ත විනාශයක සලකුණු” එබැවින් මේ සිදුවන්නේ තවත් දැවැන්ත විනාශයක් කර රට ගෙන යමින් මහජනතාව දිනපතාම ජනාධිපතිවරයාට මෙන්ම ආරක්ෂක අංශ කෙරෙහි වෛරයට පාත්‍ර වන ක්රියාවන්ය. රට සාමකාමීව පවත්වාගෙන යාමට නම් මේවා මෙසේ නොවිය යුතුය. ජාතික තරුණ පරපුර සත්‍ය මත සිට පාලනය කල යුතුය. ඒ හැර මේ ගමන් කරන්නේ තරුණ පරපුර විනාශ කිරිමේ කටයුත්තක් දෙස බැවින් එය සිදුවීමට ඉඩ නොතැබීමට ආරක්ෂක ප්‍රධානීන් කාටයුතු කල යුතුමය.
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් ජිනීවා ගැටයට හිර කිරීම
මේ සියල්ලටම වඩා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නායකයන් අවධානය යොමුකළ යුත්තේ මේ අකාරයෙන් ආරක්ෂක අංශවලට එරෙහිව චෝදනා එල්ල වීම, ඔවුන් ම්ලේච්ච් ලෙස ප්රහාරයන් එල්ල කිරිම ආදිය පසුපස ශ්‍රී ලංකා හමුදාවන් ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයන් වලට රැගෙන යාමට අවශ්‍ය සාක්ෂි සකසන්නේද යන්න වෙනමම සොයාබලිය් යුතුය. එබැවින් ආරක්ෂක හමුදා ආරක්ෂා කල හැක්කේ සාමකාමී කටයුතු වලින් පමණක් බව අවධාරණය කරගත යතුව තිබේ.