ඊයේ (17) රාත්රියේ ගල්ගමුව ඉහලගම ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු 03 දෙනෙකු මියගොස් තිබේ.
අනතුර සිදු වී තිබෙන්නේ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීම හේතුවෙන් බව පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය තුළ පුද්ගලයින් 05 දෙනෙකු සිට ඇති අතර දෙදෙනෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර සහ ගල්ගමුව රෝහල්වල ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
එසේම අනතුරින් මියගොස් ඇත්තේ සාලියපුර යුධ හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ යුධ හමුදා මේජර්වරයෙකු සහ නොච්චිය වන්නිකුඩාවැව ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.