යුධ හමුදා සෙබලෙක් ගංජා සමග මාට්ටු. ඇඹිලිපිටිය තුල විශේෂ මෙහෙයුම් ආරම්භයේ ඉතිහාසය.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව ගොඩකවෙල පොලිසිය සිදුකරනු ලැබු රථවාහන පරීක්ෂාවකදී ගංජා කිලෝ දෙක හමාරක් සමග යුධ හමුදා සෙබලෙක් සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙි.

මොණරාගල සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබු සී.⁣ටී.බී. බස්රථයක් පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය සමග සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

යුක්තියේ මෙහෙයුම ආරම්භ වීමටත් පෙර සිටම ඇඹිලිපිටිය කොඨිඨාශය තුල විශේෂ මෙහෙයුම් සහ මහජන ආරක්ෂක මෙහෙයුම් ආරම්භ කර තිබුණි.

2022 වර්ෂයේ මුල භාගයේ සිටම එම ප්‍රදේශයේ විශේෂ වැටලීම් පැය 24 පුරාම ක්‍රියාත්මක වු අතර ලංකා ඉතිහාසයේ වැඩිම ගංජා තොගයද අත්අඩංගුවට ගත්තේ ඇඹිලිපිටියේදීය. ඒ යුක්තියේ මෙහෙයුමට පෙරය.

එසේම ඇඹිලිපිටිය මුලස්ථාන පොලිසිය හරහා සිදුවන ආරක්ෂිත වැඩපිළිවෙලවල්ද සාර්ථකව සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව අත් අඩංගුවට ගන්නා සියලුම දෙනා පාහේ පුණරුත්තාපනයට යොමුකර තිබේ.

කෙසේ වෙතත් කොලොන්න පොලිස් ස්ථානය විසින්, අවුරුදු 17 ක පමණ පිරිමි දරුවෙකු නිරපරාදේ අත් අඩංගුවට ගෙන දරුණු ලෙස පහර දී තිබුණේ පසුගිය දෙසැම්බර් මස 19 වන දිනදීය. ඔහු මාර්ගයේ ගමන්කරමින් සිටින අතරතුර එසේ අනීතික ලෙස අත් අඩංගුවට ගෙන පහර දී තිබේ. ඔහඅ පාසල් යන දරුවෙක් වන අතර තවත් තරුණයන් තිදෙනෙකුට කසිප්පු දමා උසාවියට ඉදිරිපත් කර තිබේ.

කෙසේ නමුත් මේ වන විට එම දරුවා නිවසින් පලා ගොස් අතුරුදහන්ව තිබේ. ඒ පිළිබඳව , මෙන්ම එම දරුවා අත් අඩංගුවට ගෙන පහරදීමට බලපෑම පලිගැනීමක් බව අප මේ වන විට සොයාගෙන තිබේ. ඒ පිළිබදව විශේෂ වාර්ථාවක් අප නුදුරේදීම පළකිරීමට කටයුතු යොදමින් තිබේ. (ඡායාරූපය පුවතට අදාල නැත)

Exit mobile version