යුරෝපයෙන් මේ වන තෙක් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ප්‍රංශයෙන් වාර්තා වී ඇත.
ඒ ප්‍රංශයෙන් ඊයේ (28) දිනයේ දී දෛනික කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 79,807 දෙනෙකු හඳුනාගැනීමත් සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම උත්සව සමය හේතුවෙන් ඔමික්‍රොන් ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් රෝහල්ගත වීම ද 30% සිට 70% ව තෙක් අඩු වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ප්‍රංශ අගමැති පෙන්වා දෙන්නේ ජනවාරි මස ආරම්භය වන විට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 250,000 ඉක්මවා යනු ඇති බවටයි.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ සෞඛ්‍ය පද්ධතියේ ද බිඳවැටීමක් සිදුවනු ඇති බවයි.