යුරෝපයේ විශාලතම යුද්ධය රුසියාව ආරම්භ කිරීමට සැරසෙයි

යුක්‍රේනයට එරෙහිව රුසියාව විසින් යුරෝපයේ විශාලතම යුද්ධය ආරම්භ කෙරෙන බව යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.

යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඊට එරෙහිව පියවර ගන්නා ලෙස රුසියානුවන්ගෙන් ඉල්ලීමක් ද කරන බවයි.

එමෙන්ම ඊයේ (23) රාත්‍රියේ දී රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට තමන් උත්සහ කළ ද එය ද අසාර්ථක වූ බව යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ වන විටත් රුසියානු බට පිරිස් ලක්ෂ 02ක් පමණ යුක්‍රේන දේශ සීමාවට පැමිණ ඇති බව ද වාර්තා වේ.

Exit mobile version