යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙරට සියලු දේශපාලන පක්ෂ ප්රජාතන්ත්රවාදී, සාමකාමී බල හුවමාරුවකට අවධානය යොමු කළ යුතුව ඇති බවත්, ඊට සහයෝගය ලබා දෙන ලෙසත් ය.
ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති තත්ත්වයට විසදුමක් ලබා දීමට මාවත සකස් කරමින් ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම දේශපාලන නායකයින්ගේ වගකීම බව ද එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම මෙරට ජනතාව ලබාදෙන සහය ඉහළ දැමීමට ද ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලමින් සිටින බව ද යුරෝපා සංගමය වැඩි දුරටත් එහි සඳහන් කර ඇත.