අද පැවැති මාධ්‍ය හමුවකදී පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ”යූත් ෆෝ චේන්ජ්” සංවිධානය සිය අදහස් දක්වා තිබේ.
එහිදි ළහිරු වීරසේකර ප්‍රකාශ කළේ ආර්ථික අර්බුදයට වගකියන්න ඕන රාජපක්ෂලා බවත් එසේම ඉදිරිපත් වූ අය වැය ජනතාව ගැන නොසිතන අයවැයක් බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
”මේ ආර්ථික අර්බුදයට වගකියන්න ඕන ජනතාව කියලයි දැන් මේ පාලකයෝ කියන්නේ.මේ ආර්ථික අර්බුදයට වගකියන්න ඕන රාජපක්ෂලා බව ශ්‍රේෂ්ඨාධිකරණය පවා ප්‍රකාශ කලා. නමුත් ඒ ආණ්ඩුවේම ජනාධිපති වෙච්ච රනිල් කියන්නේ ආර්ථිකය අර්බුදය ඇති උනේ අපි නිසා කියලයි.
ජනතාව ගැන නොසිතන අය වැයක් මේක.
මේ රට අමාරු උනේ එයත් දැන් ඉන්න ආණ්ඩුව නිසාම තමයි.මේ අය වැය මාර එකක් නම් ඊලග මාස ටික තවත් අමාරු වෙන්නේ කොහොමද කියලා අපි අහනවා.
රාජ්‍ය සේවක වැටුප 10000 කින් වැඩි කරනවලු.නමුත් ඒක වැඩි කරන්නේ ලබන අප්‍රේල් ඉදලා.නමුත් වැට් බද්ධ ජනවාරි සිට ක්‍රියාත්මකයි.ආණ්ඩුව වැඩිම ගහලා තිබෙන්නේ වක්‍ර බදු.සාමාන්‍ය ජනතාවගෙන් තමයි වැඩිම බදු අයකරලා තිබෙන්නේ.
සමහර ආයතන විකුණන්න සියල්ල සූදානම්.ඒවට කැබිනට් මණ්ඩල අනුමැතිය පවා ලබා දී අවසන්. ජනතාවගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් වෙන් කරන මුදල මේ අයවැයෙන් ගොඩක් අඩු කරලා. “