යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව ඊයේ (26) රාත්‍රියේ කොළඹ වරායට පැමිණ ඇත.
මෙවර මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර තොගය මෙසේ දිවයිනට ළඟා වී ඇත.
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය ප්‍රකාශ කළේ මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ ප්‍රථම ටෙන්ඩරයට අනුව මෙම යූරියා පොහොර තොගය මෙසේ ගෙන්වීමට කටයුතු කළ බවයි.
මේ අතර නොවැම්බර් මස අවසන් සතිය තුළ දී මහ කන්නය සඳහා අවශ්‍ය කරන යූරියා පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් රැගත් දෙවන නෞකාව දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
මෙවර මහ බැංකුව සඳහා අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 110ක මුදලක් ණය වශයෙන් ලෝක බැංකුවෙන් ලබා දී ඇති බව ද වාර්තා වේ.