මෙම වර්ෂයේ යල කන්නයේ වී වගාව සදහා සහ බඩ ඉරිගු වගාව සදහා අවශ්‍ය කරන යුරියා පොහොර සදහා රුපියල් බිලියන 10ක් වෙන් කරනනැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දුන් බව වාර්තා කරයි.
ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගම් වල මේ වන විට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 30,000 ක් ගබඩා කර ඇති අතර තවත් මෙට්‍රික් ටොන් 25,000 ක් මිලදී ගැනීම සදහා කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය වාර්තා කරයි.
දැනට පවතින යුරියා තොග වලට අමතරව යුරියා මෙට්‍රික් ටොන් 25,000 ක් මිල දී ගැනීම සදහා රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.