යේමනයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100 ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.
ඊයේ (21) මෙම ගුවන් ප්‍රහාරය සෞදි ප්රමුඛ සන්ධානය විසිල් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ හූති කැරලිකරුවන් රැඳී සිටි මධ්‍යස්ථානයක් වෙතටය.
අරාබි රාජ්‍යයන්ගේ සන්ධානය විසින් 2015 වර්ෂයේ සිට යේමනයේ ක්‍රියාත්මක කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව මෙම ප්රහාරයන් හේතුවෙන් ළමුන් ඇතුළුව සිවිල් වැසියන් 10,000 කට අධික පිරිසක් මියගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.