ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන යන යොවුන් ගායිකාව වන යොහානි ද සිල්වා යුද අපරාධකරුවෙකුගේ දුවක් බවට පවසමින් ඇයට විරුද්ධව කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව විසින් කටයුතු කරමින් සිටින ආකාරය වාර්තා වි ඇත.
ඇයගේ පියා වන ජෙනරාල් ප්‍රසන්න සිල්වා යුද අපරාධකරුවෙක් බව පවසමින් විවිධ අන්තවාදී කණ්ඩායම් මේ වන විට ට්වීටර් සහ ෆේස්බුක් හරහා ප්‍රචාරයන් සිදුකරමින් පවසා ඇත්තේ යුද අපරාධකරුවෙකුගේ දියණියක් වන යොහානිට ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත සිටින කිසිදු ඊලාම් දමිළ ජනයෙක් සහයෝගල පළ නොකළ යුතු බවයි.
එමෙන්ම එක් ට්වීටර් පණිවිඩයක සටහන් වී තිබුණේ යුද අපරාධකරුවෙකුගේ දියණියක වන යොහානිට ලැබෙන ජනප්‍රියත්වය බරපතළ ප්‍රශ්නයක් විය හැකි බවයි.
මාධ්‍ය වාර්තාවල පලවන්නේ මෙම කොටි හිතවාදී කණ්ඩායම් මෙලෙස ප්‍රකාශ සිදු කරන්නේ ඇයට මේ වන විට ඉන්දියාව පුරා ලැබී ඇති ජනාදරය නිසා බවත් ඉන්දියාවේ දකුණු දිග ප්‍රාන්තය පුරා මේ වන විටත් මැනිකේ මගේ හිතේ ගීතය ඉමහත් ජනප්‍රියත්වයට පත්වී ඇති නිසාත් බවයි.