යෝගී ක්‍රියාකාරකම් මුවාවෙන් සවස් කාලයේ දරුවන් අපයෝජනයට සූදානම් වූ ගුරුවරයෙකු පිළිබඳ පුවතක් කොළඹ දිස්ත්‍රික්කයේ නවගමුව සුමනතිස්ස ප්‍රාථමික විද්‍යාලයෙන් වාර්තා වේ.
පාසල් වේලාවෙන් පසුව යෝග ක්‍රියාකාරකම් මුවාවෙන් එම ගුරුවරයා කිරීමට උත්සාහ කර තිබෙන එම විනය විරෝදී ක්‍රියාවට විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් එම පාසලේ විදුහල්පතිනියව ස්ථානමාරු කර යවා තිබේ.
ඇයව ස්ථානමාරුකර යවා ඇත්තේ අදාළ ගුරුවරයාට තිබෙන විවිධ දේශපාලන සහ උසස් නිලධාරීන්ගේ සබඳකම් මත බවද වාර්තා වන අතර විදුහල්පතිනිය ස්ථානමාරුකර යැවීමට එරෙහිව දෙමාපියන් විසින් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය . “ පාලකයන්ගේ යටි අරමුණු වෙනුවෙන් පාසල බිලි නොදෙනු” යනුවෙන් එම උද්ඝෝෂණය දෙම්පෛයන් විසින් සංවිධානය කර තිබුණි.
කෙසේ වෙතත් මේ වන විට සමස්ත පාසල් පද්ධතියද විවිධ ගැටළු වලට ලක්වෙමින් පවතී. කොවිඩ් සමයත් සමග පාසල් දරුවන්ට ජංගම දුරකථන ලබාදෙමින් දරුවන්ගේ පාසල් දරුවන්ගෙන් 60% කටම අධ්‍යාපනය නැතිකළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය දරුවන්ගේ යහපැවැත්ම සමග ඔවුන් සමාජයට යහපත් දරුවන් බවට පත්කල යුතු බවට නොසිතුවේය. එහි ප්‍රතිපලයක් ලෙස මේ වන විට ස්මාර්ට් ජංගම දුරකතයන් හරහා හුවමාරු වන අසභ්‍ය වීඩියෝ දර්ශන සමග ළමා ජීවිත විනාශ වීම ආර්ම්භව තිබේ. එහි ආරම්භය සිදුවන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ පන්ති ආර්ම්භයත් සමගය. මාර්ගගත ආධ්‍යාපනය හේතුවෙන් දූෂිත දරුවන් ගණනාවක් බිහිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමත් විය. එසේම සන්නිවේදන කුළුණු ඉදිකිරිම වෙනුවෙන් වනාන්තර වල විනාශයක් සහ පෞරාණික ස්ථානද විනාශ විය. ජාවාරම්කරුවන් ජයටම ජංගම දුරකථන අලෙවි කරගත් අතර දුර දැක්මක් නැති අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සිටම පහලට තීරණ ගන්නා අධ්‍යාපන බලධාරීන් මේ විනාශයට සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. විශ්‍රාමික ගොස් සිටින බලධාරීන් පවා මෙම විනාශයේ චෝදිතයන්ය. ඔවුන් රටේ දරු සම්පත දූෂිත ගව සම්පතක් වන ආකාරයට සියලුම කටයුතු සිදුකර තිබේ. කෙසේ නමුත් දෙමාපියන් තම දු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබා දී තිබුනත් සියලුම දෙමාපියනට එය කරගැනීමට නොහැකි බව බුද්ධිමත් සහ මානවවාදී අධ්‍යාපන බලධාරීන් දනී.
එසේම අධ්‍යාපන බලධාරීන් පාසල් සමයේ සිටම දරුවන්ගේ ඔලු ගෙඩිවලට දමා තිබෙන්නේ බොරුව සහ වංචාවය. ඔවුන්ගේ තීරණ සහ ප්‍රතිපත්ති එසේ වුවත් ශ්‍රී ලංකාවේ පාසල් ගුරුවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් සහ විදුහල්පතිවරුන් නිසා දරුවන් ආරක්ෂාවීම සිදුවෙමින් පවතී. නමුත් දරුවන්ගේ විනාශයට අත වනු ජංගම දුරකථනය ලබා දීම තීරණය කරනේ අධ්‍යාපන බලධාරීන් විසිනි. දැන් දරුවන් පාලනයෙන් ගිලිහි ගොස් තිබේ. එත් සමගම දරුවන් නොමග යැවීමෙන් ගලවාගැනීමට අවශ්‍ය වැඩසටහන් කිරීමට අවශ්‍ය දැක්මක් හෝ අනාගත දර්ශනයක් ඔවුන්ට නැතිබව මේ වන විට මනාව දකින්නට තිබේ. රටකට දූෂිතයන්, වංචනිකයන්, හොරුන් තක්කඩින් මෙන්ම සමාජයට විනයක් වූ වැසියන් බිහිවන්නේ අධ්‍යාපනයේ වරදිනි. අධ්‍යාපනය සැකසිය යුත්තේ අධ්‍යාපන ලේඛ්මගේ සිට පහලට අධ්‍යාපන පරිපාලන සේවය විසිනි. ඔවුන්ගෙන්ද බහුතරයක් සිදුකරනුයේ දේශපාලනය වන අතර සබරගමුව පළාතේ හිටපු අධ්‍යාපන ලේඛම්වරයෙක් ගෝඨාභය රාජපක්ෂ රජය පිහිටුවීම වෙනුවෙන් සබරගමුවේ අධ්‍යාපනය විනාශ කල අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වී මසක් ගතවීමටත් පෙරම ඔහු කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා බවට පත්විය. එවන් දූෂිත රැලක් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල යුතු ස්ථානවල සිටියදී රටට යහපතක් සිදු නොවේ.
පසුගිය දිනයක පාසල් දරුවන්ගේ විනාශය පිලිබඳව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් අපගේ මාධ්‍යවේදීන් විමසමන ලද ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ සත් සමාජයක් ගොඩනැගීම සඳහා රජයේ අවධානය යොමුව නැති බවත් එය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කල යුතු බවත්ය. එහිදී අපගේ මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නය සහ කැබිනට් අමාත්‍යවරයෙකු ලබා දුන් පිළිතුර පහත වීඩියෝව මගින් ඔබට නැරඹිය හැකිය.
එසේම එයටම හරියන ඒ ආකාරයෙන්ම දූෂණයට සහ කාමයට ලැදි තරුණ ගුරුවරුන්ද විශාල ප්‍රමාණයක් පාසල් වල සිටින අතර තරුණ ගුරුවරුන්ගෙන් බහුතරයක් මත්ද්‍රවය, මත් පැන්, කාමුක ක්‍රියාවන්, ඇතුළු කාමුක දර්ශන බැලීම ඇතුළු විවිධ අපචාරවලට ඇබ්බැහිව සිටි. ඒ අතරේ සැබෑම ගුරුවරුන් වෙනුවට දෙමාපියන්ද තම ගරුත්වය ලබා දෙන්නේ දූෂිත ගුරුන්ටමය. ඒ ඔවුන්ට තිබෙන බිය නිසාය.
එසේම අප දකින අනෙක් කරුණ නම් ළමුන් සම්බන්ධ කරුණුවලදී මෙන්ම නිසි දේ නිසි අයුරින් සිදුකරන යහපත් ගුරුවරුන්ට මෙන්ම යහපත් විදුහල්පතිවරුන්ටද තම රැකියාව නිසි ලෙස කරගැනීමට නොහැකිව තිබේ. ඒ තරමටම මේ පද්ධතිය විනාශව තිබේ. නමුත් මේවා විසදීම සදහා රජය තවමත් නව නීති පැනවිය යුතු අතර ඒවා පැනවිය යුත්තේ නීතියට අනුව කටයුතු නොකරන රාජ්‍ය නිලධාරීන් නිතිය ඉදිරියට ගෙන ඒමටය. නමුත් ඒවා ද කල යුත්තේ නිලධාරීන් බැවින් කිසිම දිනයක එය ඉටු වේවිද යන්න බලාපොරොත්තුවක්වත් තබා ගත නොහැකිය. ඉන් කියවෙන්නේ ලෝකයේ තිබෙන අවිචාරවත්ම, දූෂිතම දේශය බවට ශ්‍රී ලංකාව පත්විය හැකි බවයි. අප එක් විය යුත්තේ එය නැවත්වීමටය.