යෝජිත වැට් බද්ද වැඩි කිරීම

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ යෝජිත 18% ක එකතු කළ අගය මත බද්ද (VAT) වැඩි කිරීම ඩීසල් සහ භූමිතෙල් සඳහා බලාත්මක නොවන බවයි.

වාර්තා වන ආකාරයට යෝජිත වැට් බද්ද වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණය මේ වසරේ දෙසැම්බර් 10 වැනිදා ගන්නා බවත් හම්බන්තොට ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ ආරම්භ කරන බවත් අමාත්‍යවරයා ඊයේ(24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුකමිටුව දැනටමත් අනුමැතිය ලබා දී ඇති අතර ලබන සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version