මේ වන විට “මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලොව පුරා මිලියන ගනණක් රසික හදවත් ඇදබැඳ ගත් ශ්‍රී ලාංකික යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ඉන්දීය රියැලටි තිරයට පිවිස ඇත.
ඒ අනුව ඉන්දියාවේ ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වන “බිග්බොස්” රියලිටි වැඩසටහනට යොහානිට ආරාධනයක් ලැබී ඇති අතර එහිදී ඉන්දීය සුපිරි තරු සල්මන් ඛාන් සමග “මැණිකේ මගේ හිතේ” ගීතය ගායනා කිරීමට උත්සහ කරන ප්‍රවර්ධන වීඩියෝවක් ද ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යට එක්කර තිබුණි.
එමෙන් ම මේ වන විට යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය යූ ටියුබ් නාලිකාවේ නැරඹුම්වාර දාහතර කෝටි පනස් හය ලක්ෂ පනස් හතර දහස ඉක්මවා ඇත.