ශ්‍රී ලංකාවේ පැවති සහ පවතින ආර්ථික ගැටලුවලට පැවැති රජයට එරෙහිව සියලු ජනතාව නැගී සිටීමේ ප්‍රථම විරෝධය ආරම්භ වුයේ පසුගිය මාර්තු 31 ය.
එම විරෝධතාවේ ප්‍රමුඛ පෙලේ සාමාජික සාමාජිකාවන් මේ වන විට අත්අඩංගුවට ගන්නේ නීතිවිරෝදී ලෙසිනි. නිලි දමිතා අබේරත්න මහත්මිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබුනේ බත්තරමුල්ලේ පැවති උද්ඝෝෂණයකදීය.
අද (08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 14 දක්වා රිමාණ්ඩ් භාරයට පත්කර තිබේ.
ජනාධිපති ලේඛම් කාර්යාලයකට බලහත්කාරයෙන් ඇතුල්වීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යටතේ ක්රියාත්මක වන කොළඹ උතුර අපරාධ කොඨීඨාශය විසින් ඊයේ (7) අත්අඩංගුවට ගෙන තිබුණී