රංජන් සතුව ජංගම දුරකථනයක් තිබී හසුවෙයි

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයෙහි සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක දණහිසේ ඇති තිබූ ආබාධයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනය වෙත යොමු කර ඇත.

ඒ වෙනුවෙන් ඔහුව නොවැම්බර් මස 10 වන දින  කොළඹ වැළිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර හැරි බව වාර්තා වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර සඳහා රඳවා සිටිය දී බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිලධාරීන් විසින් හදිසි සෝදිසි කිරීමක් සිදුකර ඇති අතර එඑහි දී ඔහු සතුව තිබී ජංගම දුරකථනයක් සහ හෑන්ඩ් ෆ්‍රී 01 සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව බන්ධනාගාර ආඥාපනතේ 78 වන වගන්තිය ප්‍රකාරව චෝදනා නගා බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරිරීමට නියමිතව ඇත.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

Exit mobile version