වංචා දූෂණ අක්‍රමිකතා හෙළිදරව් කිරීමේ තවත් වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කරමින් චමුදිත සමරවික්‍රම මහතා තවත් ඉතාම වැදගත් මෙන්ම ලංකාවේ මජර දේශපාලනයේ ජනතාව නොදුටු තවත් පැතිකඩක් අනාවරණය කරන ලදී. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරනු ලැබූ කීර්ති රත්නායක මහතා සමග පැවති සාකච්ඡාවකදීය.
ඔහු සමග පැවති වැඩසටහන් දෙකක් දැක ගත හැකි වූ අතර නවතම වැඩසටහන ප්‍රචාරය කරන ලද්දේ ඊයේය (06). ඊයේ හෙලිදරවේදී හිටපු අමාත්‍යවරයෙකු වන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මරා දැමීමේ සැලසුම සකස් කරන ලද්දේ රාජපක්ෂවරුන් බව ප්‍රකාශ කරන ලදී. අප දන්නා පරිදි ලෝකයේම ප්‍රසිද්ධ රාජපක්ෂවරුන් වන්නේ මහින්ද, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නෑදෑ පරපුරය. ඒ අනුව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මර දැමීමේ කොන්ත්‍රාත්තුව දුන්නේ මේ රාජපක්ෂවරුද?.නැතිනම් වෙනත් රාජපක්ෂවරු කණ්ඩායමක්ද යන්න පරීක්ෂන පැවැත්වීමට ශ්‍රී ලංකා පොලිස්පතිගේ අවධානය යොමු විය යුතුව තිබේ. ඒ පිලිබඳව ඉඟියක් දී තිබෙන රත්නායක මහතා ගෙන්වා පරීක්ෂණ ආරම්භ කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම සහ රාජකාරිය වේ.
ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කලේ හිටපු රාජපක්ෂලගේ උවමනාවට කරුණා සහ පිල්ලෙයාන් කල්ලිය මෙම අපරාධය සිදුකල බවත්, බෝම්බය සවි කල හිටපු කොටි සාමාජිකයා රටින් පැන්නු බවත්, මින්නේරිය STF කදවුරෙන් T 56 ගිනි අවි 134 ක් පන්නපු පුද්ගලයාත් ඔහුත් සමග එකට හිර ගෙදර සිටි බවද, පසුගියදා නිදහස් කරන ලද ලක්ෂ්මන් පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ මහතා කුඩුවට දැම්මේ බොරු නඩුවක් දමා බවද ප්‍රකාශ කරන ලදී. ඔහු පසුගියදා නිදොස් කොට නිදහස් කරන ලදී. කෙසේ වෙතත් මෙම ගිනි අවි ප්රශ්නය STF කඳවුරකින් එලියට පැමිණියේද?, යුධ හමුදා කඳවුරකින් එලියට ගිය එකක්ද? යන්න ගැටළුවක් තිබෙන අතර අපට ලැබී තිබෙන තොරතුරු සහ ලේඛනවලට අනුව ගිනි අවි 152 ක් සහ එය එලියට එන්නේ වෙනත් ආරක්ෂක කඳවුරකිනි.
එසේම රංජන් රාමනායක මහතා හිරේ සැප ජීවිතයක් ගත කල බවද , ඔහු සතුව ජංගම දුරකතනයක් පවා තිබූ බවද සදහන් කරයි. සිය රාජ්‍යය අගමැති සිහිනය රාජපක්ෂලාට තර්ජනයක් වූ බැවින් මෙසේ ජෙයරාජ් මරා දැමු බවද ඔහු සදහන් කරයි.
එසේම මීට පෙර පැවති සාකච්චාවකදී කීර්ති රත්නායක මහතා සඳහන් කලේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඔහුව මරා දැමීමට තැත් කල බවයි. එහිදී ඔහු ප්‍රකාශ කලේ ගුවන් හමුදා යුද්ධාධිකරණය කාරණයක් මගින් ඔහුව ගුවන් හමුදාවෙන් ඉවත්කළ බවයි. අප මේ පිලිබඳවද සොයා බැලු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක කඳවුරේ ඇස්ට්‍රා සිනමා ශාලාවේ සිදු වූ මුදල් වංචාවක් හේතුවෙන් එසේ ගුවන් හමුදාවෙන් ඉවත් කර තිබේ. කෙසේ නමුත් එහිදී ඔහුට යම් අසාධාරණයක් සිදු වුයේ නම් සහ ඔහුව මරා දැමීමට යම් ක්‍රියාවක් සිදු වුයේ නම් එවකට හිටපු ගුවන් හමුදාධිපති ඒ පිලිබඳව පිළිතුරු දිය යුතුය. ඔහු පවසන අයුරින් මෙය සිදුවන්නේ 2007 වසරේදීය. එවකට ගුවන් හමුදාධිපති වුයේ එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලකය. ඊට පෙර මෙය සිදුවුයේ නම් එවකට සිටියේ එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා මහතාය. රොෂාන් ගුණතිලකගෙන් පසු සිටියේ එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රමය. ඔහු පවසන ආකාරයට අකටයුත්තක් සිදු වුයේ නම් වගකිව යුත්තේ මේ තිදෙනාගෙන් එක අයෙකුය.