රක්වාන පොලිසිය නිවසකට කඩා පනී.

සාමාන්‍යයෙන් නිවසක් සෝදිසි කිරීමට නම් කුමක් හෝ සාධාරණ හේතුවක් තිබිය යුතුය. සාම නිලධාරීන්ගේ නිවාරණ ක්‍රියාවලදී සෝදිසි වරෙන්තු ලබා නොගෙන නිවාස සෝදිසි කල නොහැක. එය කල යුත්තේ කෙසේද යන්න අපරාධ නඩු විධාන සංග්‍රහයේ VI වැනි පරිච්ඡේදයේ 68 වැනි ජේදයේ සිට 76 දක්වා ම සඳහන්ව තිබේ. නමුත් එසේ නොමැතිව නීතිය නොදන්නා මිනිසුන් සේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හැසිරීම කනගාටු දායක නමුත් ඒවා බැහැර කල හැකි දේවල් නොවේ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තම රාජකාරියන් සිදු කල යුත්තේ නීතියට අනුවය. නමුත් පොලිස් දෙපාර්තමේන්තුව තුල සැලකිය යුතු ආකාරයෙන් නීතිය කඩකිරීම් වාර්තා වේ. අපට දිනපතා එවැනි කටයුතු විශාල ප්‍රමාණයක් ලැබෙමින් තිබේ. නමුත් අප පළකිරීම් සිදුකරන්නේ ඒවා එකට ගෙන ටිකෙන් ටිකය.

පසුගිය බ්‍රහස්පතින්දා (15) රක්වාන පොලිස් බලප්‍රදේශයේ මාදම්පේ, වල්ව්කඩේ පදිංචි දිනුක මහේෂ් නමැති පුද්ගලයෙකුට අයත් නිවෙසක්  නීතියට පිටින් ගොස් පරික්ෂා කිරීමක් කර තිබේ. එදින දහවල් 11.30 හෝ ආසන්න වෙලාවක මෙම සිදුවීම සිදුව තිබේ. කිසිදු සෝදිසි වරෙන්තුවක් නොමැතිව මෙම පරික්ෂාව සිදුකර තිබේ. කෙසේ නමුත් එම පරික්ෂාවේදී පොලිසිය බලාපොරොත්තු වූ කිසිවක් සොයාගෙන නැත. නමුත් කිසිදු පැමිණිල්ලක් හෝ නොමැතිව එසේ නිවසක් පරික්ෂා කිරීමද ගැටළු සහගතය. නිවෙස් හිමියාට විරුද්ධව පැමිණිල්ලක්  යොමුව නොමැති බවද වාර්තා වේ.  එසේ පැමිණිල්ලක් යොමුව තිබේ නම් ඔවුන් කැඳවා විභාග කිරීමක් සිදු විය යුතුය. නමුත් මේ දින 5 තුළවත් එවැනි දෙයක් සිදුව නැත.

කෙසේ නමුත් අපට වාර්තාවන ආකාරයට එම නිවස සෝදිසි කිරීමට සෝදිසි වරෙන්තුවක් ලබාගෙන නැත. එවැනි දෙයක් ලබා නොදුන් බව නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ බාලවයස්කාර දැරිවියක් ප්‍රකාශ කරයි. එම නිවස සෝදිසි කරන ලෙස නියෝගය ලබා දී තිබෙන්නේ රක්වාන පොලිස් ස්තානාධිපති විසිනි. එවැනි සෝදිසි වරෙන්තුවක් තිබුනේ නම් එය ඉදිරිපත් නොකිරීමද පොලිසිය විසින් කර තිබෙන වරදකි. කුඩා වරදක් වුවත් සිදුකිරීමෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වැළකිය යුතුය. එසේ නොමැතිව මෙරට ගොඩ ගැනීමට නොහැකි වනු ඇත.    

Exit mobile version