රක්වාන රෝහල් භුමියේ බලෙන් පතල් හාරයි. ජාතිවාදී ගැටලුවකට අත වනයි! ගොඩකවෙල ප්‍රාදේශීය ලේඛම්ට නින්ද ගිහින්ද?. නැතිනම් රත්නපුරේ දේශපාලඥයන්ගේ වැඩක් ද?.

රත්නපුර රක්වාන ප්‍රාදේශීය රෝහලට අයත් භූමියෙන් අක්කර දෙකක් පමණ බලෙන් අල්ලා ගත් රාජ්‍ය නිලධාරීන් සහ තවත් දුෂිත කණ්ඩායමක් එම ස්ථානයේ ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටී. පොදුජන පෙරමුණට සම්බන්ධ මහජන නියෝජිත මංත්‍රීවරියක් හා එකතුව සෞඛ්‍ය සේවයේ ප්‍රධාන වෘත්තීය සමිතියක නායකයෙකු, තවත් රාජ්‍ය සේවකයෙකු මෙන්ම ප්‍රදේශයේ මහා පරිමාණ කසිප්පු ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ අධාරකරුවන් මෙම බලහත්කාරකමට සම්බන්ධව සිටි.

එසේම රෝහලේ සේවයේ යෙදී සිටින සේවකයන් පිරිසක්ද රෝහලේ අත් හැර දමා තිබෙන වාට්ටු මෙන්ම රෝහල් භූමිය ද කොටස් වශයෙන් වෙන්කරගෙන තිබෙන බවටද තොරතුරු ලැබී තිබේ. ඒ ආකාරයෙන් අනවසරයෙන් අල්ලාගෙන තිබෙන මහජන දේපලේ ප්‍රමාණය අක්කර දෙකකි. මෙම බලහත්කාරයෙන් අල්ලාගෙන තිබෙන කොටසේ රෝහලේ සුසාන භුමිය මෙන්ම රෙදි සේදුම් ගෙදර තිබෙන අතර රෝහල භුමියේ ප්‍රමාණය අක්කර 14 ක් පමණ වන අතර රෝහල අවුරුදු 100 ක් පමණ පැරණි බවද ප්‍රදේශවාසින් පෙන්වා දෙති.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මේ පිළිබදව ගොඩකවෙල ප්‍රාදේශීය ලේඛම්වරියට මේ බව දන්වා යවා තිබෙන අතර රෝහල් අධ්‍යක්ෂක විසින් රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට ලිඛිතව යවා තිබෙන නමුත් ඔවුන් කිසිවෙකුත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.

කෙසේ නමුත් මෙම අත්පත් කරගැනීම් සිදුකර තිබෙන පුද්ගලයන් වතු ආශ්‍රිත රැකියා කළ පිරිස්වලින් පැවත එන කණ්ඩායමක් වන බැවින් ,  රක්වානේ සිංහල ජනතාව අතර යම් යම් ජාතිවාදී ආකල්ප වර්ධනය වීමක්ද දක්නට ලැබේ. නීතිය ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස රක්වානේ සිංහල ජනතාව උද්ඝෝෂණයක් දක්වා ගමන් කිරිමටද මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටී. එය වර්ධනය වුවහොත් ජාතිවාදී ප්‍රශ්නයක් දක්වා දුරදිග යාමටද ඉඩකඩ තිබෙන අතර  එය මහා විනාශයක ආරම්භයක් විය හැකිය. එය එසේ සිදු වුවහොත් එයට වගකීමට සිදුවන්නේ මෙම සිද්ධිය නැවැත්වීමට කටයුතු නොකළ රක්වාන පොලිස් ස්ථානාධිපති, රෝහල් අධ්‍යක්ෂක ඇතුළු සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ගොඩකවෙල ප්‍රාදේශීය ලේඛම්වරිය වේ.

රජයේ ඉඩම් සන්තකය අත්පත්කරගැනීමේ පනතට ප්‍රකාරවත්, ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේත් මෙම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස රටම ගිනි ගන්නා ජාතිවාදී ප්‍රශ්නයක් ඇති වුවහොත් තවත් මහා ජන විනාශයක් සිදු වේ. රටේ මේ වන විට පවතින තත්වයද දරුණු බැවින් එවැනි තත්වයකට යාමට ඉඩ නොතබා මෙයට එරෙහිව වහ වහා නීතිය ක්‍රියාත්මක නොකර, “අශ්වයා ගියාට පසු, ඉස්තාලය වසා වැඩක් නැත”. එබැවින්  රක්වාන පොලිස් ස්ථානාධිපති, ගොඩකවෙල ප්‍රාදේශීය ලේඛම්වරියට මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ට අවධාරණය කරවන ලෙස ප්‍රදේශයේම ජනතාව ඉල්ලා සිටි.

මෙම ප්‍රදේශයේම තවත් පතලක් පිළිබදව අප දිගින්  දිගටම අනතුරු හැඟවීම් කල නමුත් ශ්‍රී ලංකා පොලිසියේ එවකට රක්වාන පොලිස් ස්ථානාධිපතිවරයා, ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරිවරයා මෙන්ම රත්නපුර කොඨිඨාශය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ නීතිය ලෙස ක්‍රියාත්මක නොකළ නමුත් නීතිය ක්‍රියාත්මක කල රත්නපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා රත්නපුරෙන් ඉවත් කිරීමට රත්නපුරේ දේශපාලඥයන් කටයුතු කරන ලදී. ඒ අකාරයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරිම නිසා එම පතලේම දෙදෙනක් මිය ගියේ පස් කන්දකට යටවීමෙනී. පසුව පොලිස් ආරක්ෂාව යෙදීමට ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරිවරයා මෙන්ම රත්නපුර කොඨිඨාශය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කලත්, එය සිදුවීමට පෙර අප සියල්ලම වර්තාකළේය. අපගේ වාර්තාවට අනුව කටයුතු කලේ නම් ඔවුන් දෙදෙනාද තවමත් ජීවතුන් අතරය.

සමාජ මාධ්‍යජාලා 50 කට අධිකව ක්‍රියාත්මක අපගේ මාධ්‍ය ජාලයේ පහත නාලිකාවලින් ඔබට රාජකාරියේදි සිදුවන සියලුම ගැටලුවලට පිළිතුරු මෙන්ම විවිධ පුවත් සොයාගත හැකිය .

නීතිවේදියා

https://youtube.com/@user-kb1xs4mp4n?si=xCc1qhqopUnmHBFe

YOUTH PILOT

https://youtube.com/@YOUTHPILOT?si=PV4WiOuGJJLzrvFl

Sri Ravana Lanka TV.

https://youtube.com/@Challenge423?si=Ag1Nev-3kcJVEXCP

ෆේස් බුක්

https://www.facebook.com/sriravanalankatv?mibextid=ZbWKwL

Exit mobile version