රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන පොලිස් බල ප්‍රදේශය තුළ විවිධ සමාජ විරෝධී ක්‍රියා විශාල වශයෙන් සිදු වෙමින් පවතී.ඒවා සදහා රක්වාන පොලීසියේ පොලිස් නිලධාරීන්ද උදව් උපකාර කරන බව ප්‍රදේශවාසීන් චෝදනා කරති. ඒ අතර රක්වානයේ පිහිටි බෝධිරාජ ළමා නිවාසයේ දරුවන් 11 දෙනෙකු අපයෝජනය වී ඇති බව ද වාර්තා වේ.
වාර්තා වන ආකාරයට මෙම ළමා නිවාසය ආරම්භ කරන ලද්දේ දමිළ ජනතාව සහ සිංහල ජනතාව අතර අන්‍යෝන්‍ය සුහදත්වය ඇති කිරීම පිණිස ඇඹිලිපිටිය බෝධිරාජ පදනමේ නිර්මාතෘ ගරු ඕමල්පේ සෝභිත හිමිපාණන්ගේ අනුශාසනා සහ අධීක්ෂණය මතයි.
මෙම ළමා නිවාසයේ ළමයින් 17 දෙනෙකු සිටින අතර ඉන් ළමුන් 11 දෙනෙකු මෙසේ අපයෝජනයට ලක්ව ඇති බව වාර්තා වේ.මෙම සිද්ධියට ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා සැක පිට අත් අඩංගුවට ගත් බව කියයි. මෙම දැරියන් වරින් වර මෙම සැකකරු විසින් අපයෝජනයට ලක් කර ඇති බව පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ බව කියයි.මෙම සැකකරු 60 හැවිරිදි දෙදරු පියෙක් බව වාර්තා වේ.එමෙන්ම වාර්තා වන ආකාරයට මෙම ළමුන්ගෙන් බලපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන දැරියක් ප්‍රතිකාර සදහා කහවත්ත රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.අනෙක් දැරියන් ද පොලිස් ප්‍රකාශ ගැනීමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නියමිත බව කියයි.සැකකරු පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව වාර්තා වේ.
මෙම ආයතනය ආරම්භ කර රජයට භාර දීමෙන් පසු ඒ සදහා වග කිව යුතු රාජ්‍ය ආයතන නිරතුරුව අවධානය යොමු කර මෙම දරුවන් ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් කටයුතු කර වූවත් සබරගමු පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම රක්වාන පොලිස් ස්ථානාධිපති දීර්ඝ නිද්‍රාවක සිට තිබෙන බව මෙම සිද්ධියෙන් අනාවරණය වේ.