හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක අද (04) දහවල් හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව වාර්තා වේ.
ඒ හැටන් – දික්ඔය නගර සභාවේ ගිනිනිවීමේ ඒකකයේ සේවකයින් විසිනි.
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට යාබඳව පිහිටි එම ඉලුක් සහිත රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති අතර, ප්‍රදේශයේ පැවති අධික වියළි කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබූ බව වාර්තා වේ.