මහකුඹුක්කඩවල වල්ලපාලුව රක්ෂිතයේ තිබී භාවිතයට නුසුදුසු බිත්තර ලක්ෂයකට අධික තොගයක් ඊයේ (11) දින සොයා ගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට වෙළද අමාත්‍යවරයා විසින් පොලීසියට දැනුම් දී තිබුණි.
එම පැමිණිල්ල පාරිභෝගික අධිකාරිය මගින් ඉදිරිපත් කර තිබූ අතර එම බිත්තර තොගය මහාපරිමාණ බිත්තර නිශ්පාදකයන් විසින් වැඩි මිලට විකිණීමට ගොඩ ගැසූ බිත්තර නරක් වීම හේතුවෙන් මුදා හැර ඇති බිත්තර තොගයක් බව පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.