රජයක් පිහිටුවන්න කාටවත් බෑ

පාකිස්තාන මහ මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව පැහැදිලි රජයක් පිහිටුවීමට කිසිදු පක්ෂයක හැකියාව ලැබී නැතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය වන ආසන 169 ලබා ගැනීමට කිසිඳු දේශපාලන පක්ෂයකට මේ වන විට අවස්ථාවක් ලැබී නැත.

ඒ හේතුවෙන් මේ වනවිට රජයක් පිහිටුවීම සඳහා සන්ධානගත වීමට සිදුව ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි.

දැනට පිටවී ඇති ඡන්ද ප්‍රතිපලවලට අනුව පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට සම්බන්ධ ස්වාධීන අපේක්ෂකයන් ආසන 98 ක් ලබා ගෙන තිබේ.

නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්) පක්ෂය ආසන 69 ක් මේ දක්වා දිනා ඇති අතර පාකිස්තාන ජනතා පක්ෂය ආසන 51 ක් දිනා ඇත.

තවත් ආසන 22 ක ඡන්ද ප්‍රථිපල ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර පාලන පක්ෂ සාකච්ඡා ආරම්භ කර ඇති අතර නවාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත්තේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් ප්‍රධාන දේශපාලන පක්ෂය තම දේශපාලන පක්ෂය බැවින් පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්) පක්ෂය සමග අත්වැල් බැඳ ගන්නා ලෙසයි. (චායාරුපය)
(ලංකාදීප)

Exit mobile version