.රජයේ කාර්යාල අධික බදු මුදල් ගෙවමින් පුද්ගලික ගොඩනැගිලි තුල පවත්වා ගෙන යාම නවතා රජය සතු ගොඩනැගිලි වෙත ගෙන යන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රදැනුම් දී ඇතිබව වාර්තා වේ.
රාජ්‍ය වියදම් අවම කිරීමසදහා මෙම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් හපුහින්න මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ලිකිතව දැනුන් දී ඇති බව සදහන්වේ.
තවද සියලු රාජ්‍ය ආයතනවල නිලධාරීන් නියමිත රාජකාරීන් එදිනම නිමකරන ලෙසත් එසේ කරන්නේද නොකරන්නේද සොයා බලන බවත් සියලුම දෙනා වායුසමන යන්ත්‍ර හා විදුලි පංකා භාවිතය අවම කොට ජලය හා විදුලිය අර පිරි මැස්මෙන් පාවිච්චි කරණ ලෙසත් එම ලිපියේ වැඩිදුරටත් සදහන් කොට තිබේ.
එසේම නිවාඩු දිනවල අතිකාල සදහා සේවකයන් සේවයේ යෙදවීම සම්බන්ධව ද කරුණු හා උපදෙස් ලබා දී තිබේ.