රජයේ සේවකයින්ට කෙසේ හෝ පුළුවන් ආකාරයෙන් පඩි වැඩි කිරීමක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසුවේය.
බොහෝ දුරට තයිපොංගල් වලින් පසු රාජ්ය සේවකයන්ට එම පොඩි සහනය ලැබිමට හැකි බව ඒ මහතා ප්රකාශ කලේ යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීය.
මේ රට ආර්ථිකය යම් ප්රමාණයකට ශක්තිමත් ව ඇති බවත් මෙම වසරේ රටේ ආර්ථිකය ගොඩ එන වසර බවත් වික්රමසිංහ මහතා වැඩි දුරටත් ප්රකාශ කරන ලදී.