රජරට දරුවන්ගේ ඇස් පෙනීම දුර්වල වෙලා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 60% කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා මතුව ඇති බව අක්ෂි සායන කඳවුරු දොළහක දත්ත පදනම් කරගනිමින් අනාවරණය කරගත් බවට ඇස් රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ කුෂාණි ගුණරත්න මහත්මිය පැවසු බව වාර්තා වේ.

මිහින්තලේ මහා විද්‍යාලයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවසන් අක්ෂි සායනයට එක් වෙමින් ඇය ඒ බව සඳහන් කර තිබේ.

අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කර ක්‍රියාත්මක කරන ඇස් පෙනීමේ දුර්වලතා ඇති පාසල් දරුවන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්ෂි කඳවුරු 12ක් පවත්වා ඒමගින් මේ බව අනාවරණය වූ බවට ඇය පවසා තිබේ.

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් හරහා පාසල් දරුවන් සම්බන්ධ කර මූලීක හදුනා ගැනීම් සිදු කර ඇති අතර එම සායන මගින් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වූ බවට වෛද්‍ය කුෂාණි ගුණරත්න මහත්මිය සඳහන් කරයි.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක ම මෙවැනි අක්ෂි කඳවුරු පවත්වන අතර ඒ අතරින් 60% ක් තරම් වූ වැඩිම ඇස් පෙනීමේ දුර්වලතා සිසුන් සිටින දිස්ත්‍රික්කය ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කය පත්වීම විශේෂත්වයක් බව සදහන්.

Exit mobile version