මහජනතාවත්, රටත් අර්ථික උද්ධමනයෙන් වැසී යද්දී රට හදන මහ මොළ රට හා ජනතාව පසක තබා මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී වරප්රසාදයන් වැඩි කරගනිමින් සිටි. නමුත් ජනතාව වෙනුවෙන් සත්‍ය ලෙසම පෙනී සිට ඔවුන් දුකෙන් මුදවා ගැනීමට පාර්ලිමේන්තුව තවමත් සමත් වී නැත.
වාර්තාවන ආකාරයට මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ යෝජනා ක්රමයේ පවතින මුදල් වැඩි කර තිබේ. නමුත් ජනතාව් කුසගින්නේය.
ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මකවන පරිදි මන්ත්‍රීවරුන්ගේ නව රක්ෂණාවරණ මුදල ලක්ෂ දෙකේ සිට ලක්ෂ දහය දක්වා ඉහළ නංවා ඇති බවත් මෙම වැඩිවීම පෙර පැවති රක්ෂණාවරණ මුදලට වඩා ලක්ෂ අටකින් වැඩි කර ගෙන ඇති බව ද වාර්තා වේ.
මෙම වැඩිවීම අනුව මිලියන 49.5ක්, පාර්ලිමේන්තුව තුල සිටින මන්ත්‍රීවරු 225 සදහා වාර්ෂිකව වැය කරනුයේ රටේ ජනතාවගේ පහසුකම් සැපයීමට හෝ ගැටළු විසදීමට තරම් වත් යහපත් මුල්‍ය පහසුකම් නොමැති වකවානුවක වීම, කෙතරම් විමතියට පත් කරුණක් වුවත් ඒ වෙනුවෙන් කතා කිරීමට කිසිවෙකුත් නැත.